Quran Apps in many lanuages:

Surah Al-Jathiya Ayahs #23 Translated in Sinhalese

إِنَّهُمْ لَنْ يُغْنُوا عَنْكَ مِنَ اللَّهِ شَيْئًا ۚ وَإِنَّ الظَّالِمِينَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۖ وَاللَّهُ وَلِيُّ الْمُتَّقِينَ
නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ගෙන් වූ කිසිවකින් නුඹව මුදවා ගන්නේ ම නැත. තවද නියත වශයෙන්ම අපරාධකරුවන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ භාරකරුවෝය. තවද අල්ලාහ් බිය බැතිමතුන්ගේ භාරකරුය.
هَٰذَا بَصَائِرُ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةٌ لِقَوْمٍ يُوقِنُونَ
මෙය මිනිස් සංහතිය සඳහා වූ පැහැදිලි සාධක වෙයි. තවද තරයේ විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයකි.
أَمْ حَسِبَ الَّذِينَ اجْتَرَحُوا السَّيِّئَاتِ أَنْ نَجْعَلَهُمْ كَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَوَاءً مَحْيَاهُمْ وَمَمَاتُهُمْ ۚ سَاءَ مَا يَحْكُمُونَ
විශ්වාස කොට යහකම් කළවුන් මෙන් පාපකම් උපයා ගත් අය ඔවුන්ගේ ජීවිතය හා ඔවුන්ගේ මරණය අපි එක සමාන ලෙස පත් කරන්නෙමු යැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
وَخَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ وَلِتُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
තවද අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතු ව මැව්වේය. තවද සෑම ආත්මයක්ම එය උපයා ගත් දෑ එයට පිරිනමනු ලබනු ඇත. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَٰهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَىٰ عِلْمٍ وَخَتَمَ عَلَىٰ سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَىٰ بَصَرِهِ غِشَاوَةً فَمَنْ يَهْدِيهِ مِنْ بَعْدِ اللَّهِ ۚ أَفَلَا تَذَكَّرُونَ
(නබිවරය!) කවුරුන් තම මනෝභාවය දෙවියන් බවට පත් කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහි ද? දැනුවත්වම අල්ලාහ් ඔහු නොමග යන්නට ඉඩ හැරියේය. තවද ඔහුගේ සවන හා ඔහුගේ හදවත මත මුද්රා තැබුවේය. තවද ඔහුගේ බැල්ම මත ආවරණයක් ඇති කළේය. අල්ලාහ්ගෙන් පසු ව ඔහුට මග පෙන්වනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?

Choose other languages: