Quran Apps in many lanuages:

Surah Al-Jathiya Ayahs #24 Translated in Sinhalese

هَٰذَا بَصَائِرُ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةٌ لِقَوْمٍ يُوقِنُونَ
මෙය මිනිස් සංහතිය සඳහා වූ පැහැදිලි සාධක වෙයි. තවද තරයේ විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයකි.
أَمْ حَسِبَ الَّذِينَ اجْتَرَحُوا السَّيِّئَاتِ أَنْ نَجْعَلَهُمْ كَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَوَاءً مَحْيَاهُمْ وَمَمَاتُهُمْ ۚ سَاءَ مَا يَحْكُمُونَ
විශ්වාස කොට යහකම් කළවුන් මෙන් පාපකම් උපයා ගත් අය ඔවුන්ගේ ජීවිතය හා ඔවුන්ගේ මරණය අපි එක සමාන ලෙස පත් කරන්නෙමු යැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
وَخَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ وَلِتُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
තවද අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතු ව මැව්වේය. තවද සෑම ආත්මයක්ම එය උපයා ගත් දෑ එයට පිරිනමනු ලබනු ඇත. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَٰهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَىٰ عِلْمٍ وَخَتَمَ عَلَىٰ سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَىٰ بَصَرِهِ غِشَاوَةً فَمَنْ يَهْدِيهِ مِنْ بَعْدِ اللَّهِ ۚ أَفَلَا تَذَكَّرُونَ
(නබිවරය!) කවුරුන් තම මනෝභාවය දෙවියන් බවට පත් කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහි ද? දැනුවත්වම අල්ලාහ් ඔහු නොමග යන්නට ඉඩ හැරියේය. තවද ඔහුගේ සවන හා ඔහුගේ හදවත මත මුද්රා තැබුවේය. තවද ඔහුගේ බැල්ම මත ආවරණයක් ඇති කළේය. අල්ලාහ්ගෙන් පසු ව ඔහුට මග පෙන්වනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?
وَقَالُوا مَا هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَا إِلَّا الدَّهْرُ ۚ وَمَا لَهُمْ بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَظُنُّونَ
තවද “මෙය අපගේ මෙලොව ජීවිතය මිස නැත. අපි මරණයට පත් වෙමු. තවද අපි ජීවත් වෙමු. කාලය මිස වෙන කිසිවක් අප විනාශ නොකරනු ඇත” යැයි ඔවුහු පවසති. එහෙත් ඒ පිළිබඳ ව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත.

Choose other languages: