Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #100 Translated in Sinhalese

قُلْ كَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ ۚ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا
මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය. නියත වශයෙන්ම ඔහු තම ගැත්තන් පිළිබඳ ව අභිඥානවන්ත නිරීක්ෂක විය යැයි නුඹ පවසනු.
وَمَنْ يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِ ۖ وَمَنْ يُضْلِلْ فَلَنْ تَجِدَ لَهُمْ أَوْلِيَاءَ مِنْ دُونِهِ ۖ وَنَحْشُرُهُمْ يَوْمَ الْقِيَامَةِ عَلَىٰ وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّا ۖ مَأْوَاهُمْ جَهَنَّمُ ۖ كُلَّمَا خَبَتْ زِدْنَاهُمْ سَعِيرًا
තවද අල්ලාහ් කවරෙකුට යහ මග පෙන්වන්නේ ද ඔහු යහ මග ලැබූවෙකි. තවද ඔහු කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔවුන් වෙනුවෙන් ඔහු හැර වෙනත් කිසිවකු භාරකරුවන් වශයෙන් නුඹ නොදකිනු ඇත. තවද අපි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන්ගේ මුහුණු මුණින් අත තිබිය දී අන්ධ, ගොළු හා බිහිරි ලෙසින් අපි ඔවුන් නැගිටුවන්නෙමු. ඔවුන්ගේ නවාතැන නිරයයි. එය නිවී ගිය සෑම විටකම අපි ඔවුනට දලු ලා ඇවිළෙන ගින්න අධික කළෙමු.
ذَٰلِكَ جَزَاؤُهُمْ بِأَنَّهُمْ كَفَرُوا بِآيَاتِنَا وَقَالُوا أَإِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا
. එය සැබැවින්ම ඔවුන් අපගේ වදන් ප්‍රතික්ෂේප කළ බැවින් හා අප අස්ථි හා දූවිලි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නව මැවීමක් ලෙස නැගිටුවනු ලබන්නන් වන්නෙමු දැයි ඔවුහු විමසා සිටි බැවින් ඔවුනට සතු ප්‍රතිවිපාකයයි.
أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ قَادِرٌ عَلَىٰ أَنْ يَخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ أَجَلًا لَا رَيْبَ فِيهِ فَأَبَى الظَّالِمُونَ إِلَّا كُفُورًا
අහස් හා මහපොළොවේ මැවුම්කරු වූ අල්ලාහ් ඔවුන් මෙන් දෑ මැවීමට ශක්තිය ඇත්තා බව ඔවුහු නොදුටුවෝ ද? තවද ඔවුනට නියමිත කාලයක් ඔහු ඇති කළේය. එහි කිසිදු සැකයක් නැත. නමුත් අපරාධකරුවෝ දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස මිස එය පිළිගත්තේ නැත.
قُلْ لَوْ أَنْتُمْ تَمْلِكُونَ خَزَائِنَ رَحْمَةِ رَبِّي إِذًا لَأَمْسَكْتُمْ خَشْيَةَ الْإِنْفَاقِ ۚ وَكَانَ الْإِنْسَانُ قَتُورًا
මාගේ පරමාධිපතිගේ ආශිර්වාදයේ ගබඩා නුඹලා සතු කර ඇත්තේ නම් එවිට වියදම් කිරීමට බියෙන් නුඹලා රඳවා ගනු ඇත. තවද මිනිසා මසුරු විය යැයි (නබිවරය) නුඹ පවසනු.

Choose other languages: