Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #62 Translated in Sinhalese

وَإِنْ مِنْ قَرْيَةٍ إِلَّا نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ الْقِيَامَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًا ۚ كَانَ ذَٰلِكَ فِي الْكِتَابِ مَسْطُورًا
තවද (අපරාධ කරමින් සිටි) කිසියම් ගම්මානයක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනට පෙර එය අපි විනාශ කරන්නන් ලෙස හෝ එයට දැඩි දඬුවමකින් දඬුවම් කරන්නන් ලෙස මිස අපි නොසිටියෙමු. එය ලේඛනයේ සටහන් කරනු ලබන්නක් විය.
وَمَا مَنَعَنَا أَنْ نُرْسِلَ بِالْآيَاتِ إِلَّا أَنْ كَذَّبَ بِهَا الْأَوَّلُونَ ۚ وَآتَيْنَا ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُوا بِهَا ۚ وَمَا نُرْسِلُ بِالْآيَاتِ إِلَّا تَخْوِيفًا
තවද සංඥාවන් පෙර සිටියවුන් බොරු කළ හෙයින් මිස ඒවා එවීම අපව වැළක්වූයේ නැත. තවද අපි සමූද් ජනයාට ඔටු දෙන පැහැදිලි සංඥාවක් ලෙස පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඌට අපරාධ කළෝය. තවද බිය ගැන්වීමට මිස අපි එම සංඥාවන් නොඑවන්නෙමු.
وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِالنَّاسِ ۚ وَمَا جَعَلْنَا الرُّؤْيَا الَّتِي أَرَيْنَاكَ إِلَّا فِتْنَةً لِلنَّاسِ وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي الْقُرْآنِ ۚ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلَّا طُغْيَانًا كَبِيرًا
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ජනයා වට කර ගෙන සිටින බව නුඹට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹට අප පෙන් වූ සිහිනය ද අල් කුර්ආනයේ සඳහන් ශාප කරන ලද ගස ද ජනයාට පරීක්ෂණයක් ලෙස මිස අපි ඇති නොකළෙමු. තවද අපි ඔවුන් බිය ගන්වන්නෙමු. මහත් සේ සීමාව ඉක්මවා යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට එය වර්ධනය නොකරනු ඇත.
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ قَالَ أَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا
තවද නුඹලා ආදම්ට සුජූද් කරනු යැයි අපි මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු අය) සුජූද් කළෝය. නුඹ මැටියෙන් මැවූ අයට මම සුජූද් කළ යුතු දැයි ඔහු(ඉබ්ලීස්) විමසුවේය.
قَالَ أَرَأَيْتَكَ هَٰذَا الَّذِي كَرَّمْتَ عَلَيَّ لَئِنْ أَخَّرْتَنِ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُ إِلَّا قَلِيلًا
මට වඩා නුඹ ගරු කළ ඔහු ගැන නුඹ කුමක් පවසන්නෙහි ද? මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් නුඹ මා ප්‍රමාද කරන්නේ නම් ස්වල්ප දෙනෙකු ව හැර ඔහුගේ පරපුර සැබැවින්ම මම මුලිනුපුටා දමමි යැයි ඔහු පැවසුවේය.

Choose other languages: