Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #56 Translated in Sinhalese

يَوْمَ يَدْعُوكُمْ فَتَسْتَجِيبُونَ بِحَمْدِهِ وَتَظُنُّونَ إِنْ لَبِثْتُمْ إِلَّا قَلِيلًا
ඔහු නුඹලා ව කැඳවන දින නුඹලා ඔහුගේ ප්‍රශංසාව තුළින් ප්‍රතිචාර දක්වනු ඇත. තවද ස්වල්ප කාලයක් මිස (මෙලොවෙහි) නුඹලා රැඳී නොසිටි බව නුඹලා සිතනු ඇත.
وَقُلْ لِعِبَادِي يَقُولُوا الَّتِي هِيَ أَحْسَنُ ۚ إِنَّ الشَّيْطَانَ يَنْزَغُ بَيْنَهُمْ ۚ إِنَّ الشَّيْطَانَ كَانَ لِلْإِنْسَانِ عَدُوًّا مُبِينًا
තවද වඩාත් අලංකාර දෑ පවසන්නැයි මාගේ ගැත්තන්හට (නබිවරය!) නුඹ පවසනු. නියත වශයෙන්ම ෂෙයිතාන් ඔවුන් අතර බෙදුම් ඇති කරයි. නියත වශයෙන්ම ෂෙයිතාන් මිනිසාට ප්‍රකට සතුරෙකු විය.
رَبُّكُمْ أَعْلَمُ بِكُمْ ۖ إِنْ يَشَأْ يَرْحَمْكُمْ أَوْ إِنْ يَشَأْ يُعَذِّبْكُمْ ۚ وَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ وَكِيلًا
නුඹලා පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපතියාය. ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට කරුණාව දක්වනු ඇත. නැතහොත් ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට ඔහු දඬුවම් කරනු ඇත. තවද ඔවුන් වෙත භාරකරුවකු ලෙස අපි නුඹ නොඑව්වෙමු.
وَرَبُّكَ أَعْلَمُ بِمَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَىٰ بَعْضٍ ۖ وَآتَيْنَا دَاوُودَ زَبُورًا
තවද අහස්හි හා මහපොළොවේ සිටින අය පිළිබඳ ව මැනවින් දන්නා නුඹගේ පරමාධිපතිය. නබිවරුන්ගෙන් ඇතැමෙකුට වඩා ඇතැමෙකු ව සැබැවින්ම අපි උසස් කළෙමු. තවද අපි දාවූද් ට සබූර් (ග්‍රන්ථය) පිරිනැමුවෙමු.
قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُمْ مِنْ دُونِهِ فَلَا يَمْلِكُونَ كَشْفَ الضُّرِّ عَنْكُمْ وَلَا تَحْوِيلًا
ඔහු හැර දමා නුඹලා විශ්වාස කරමින් සිටි අයව අයැදිනු. නමුත් නුඹලාගෙන් පීඩා ඉවත් කිරීමට හෝ (එය වෙනතකට) හැරවීමට හෝ ඔවුහු බලය නොදරති, යැයි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: