Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #59 Translated in Sinhalese

وَرَبُّكَ أَعْلَمُ بِمَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَىٰ بَعْضٍ ۖ وَآتَيْنَا دَاوُودَ زَبُورًا
තවද අහස්හි හා මහපොළොවේ සිටින අය පිළිබඳ ව මැනවින් දන්නා නුඹගේ පරමාධිපතිය. නබිවරුන්ගෙන් ඇතැමෙකුට වඩා ඇතැමෙකු ව සැබැවින්ම අපි උසස් කළෙමු. තවද අපි දාවූද් ට සබූර් (ග්‍රන්ථය) පිරිනැමුවෙමු.
قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُمْ مِنْ دُونِهِ فَلَا يَمْلِكُونَ كَشْفَ الضُّرِّ عَنْكُمْ وَلَا تَحْوِيلًا
ඔහු හැර දමා නුඹලා විශ්වාස කරමින් සිටි අයව අයැදිනු. නමුත් නුඹලාගෙන් පීඩා ඉවත් කිරීමට හෝ (එය වෙනතකට) හැරවීමට හෝ ඔවුහු බලය නොදරති, යැයි (නබිවරය!) නුඹ පවසනු.
أُولَٰئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ ۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا
ඔවුන් කවරෙකුට අයැද සිටින්නේද එවැන්නන් වනාහි, ඔවුන්ගෙන් වඩාත් සමීප වූවන් ඔවුන්ගේ පරමාධිපති වෙත මං සොයති. තවද ඔහුගේ කරුණාව බලාපොරොත්තු වෙති. තවද ඔහුගේ දඬුවමට බිය වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම ප්‍රවේශම් විය යුත්තකි
وَإِنْ مِنْ قَرْيَةٍ إِلَّا نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ الْقِيَامَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًا ۚ كَانَ ذَٰلِكَ فِي الْكِتَابِ مَسْطُورًا
තවද (අපරාධ කරමින් සිටි) කිසියම් ගම්මානයක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනට පෙර එය අපි විනාශ කරන්නන් ලෙස හෝ එයට දැඩි දඬුවමකින් දඬුවම් කරන්නන් ලෙස මිස අපි නොසිටියෙමු. එය ලේඛනයේ සටහන් කරනු ලබන්නක් විය.
وَمَا مَنَعَنَا أَنْ نُرْسِلَ بِالْآيَاتِ إِلَّا أَنْ كَذَّبَ بِهَا الْأَوَّلُونَ ۚ وَآتَيْنَا ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُوا بِهَا ۚ وَمَا نُرْسِلُ بِالْآيَاتِ إِلَّا تَخْوِيفًا
තවද සංඥාවන් පෙර සිටියවුන් බොරු කළ හෙයින් මිස ඒවා එවීම අපව වැළක්වූයේ නැත. තවද අපි සමූද් ජනයාට ඔටු දෙන පැහැදිලි සංඥාවක් ලෙස පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඌට අපරාධ කළෝය. තවද බිය ගැන්වීමට මිස අපි එම සංඥාවන් නොඑවන්නෙමු.

Choose other languages: