Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #6 Translated in Sinhalese

وَآتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَاهُ هُدًى لِبَنِي إِسْرَائِيلَ أَلَّا تَتَّخِذُوا مِنْ دُونِي وَكِيلًا
අපගේ සංඥාවන් ඔහුට පෙන්වනු පිණිස (මක්කාහ්වේ පිහිටි) මස්ජිදුල් හරාම්හි සිට ඒ අවට අපි සමෘද්ධිමත් කළ (ජෙරුසලමේ පිහිටි) මස්ජිදුල් අක්සා දක්වා තම ගැත්තා ව එක් රාත්‍රියක ගමන් කෙරෙව්වා වූ ඔහු (අල්ලාහ්) සුවිශුද්ධය. නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්‍රාවක. සර්ව නිරීක්ෂක.
ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ ۚ إِنَّهُ كَانَ عَبْدًا شَكُورًا
(නුඹලා) නූහ් සමග අප (නැවෙහි) ඉසිලූ අයගේ පරපුරයි. නියත වශයෙන්ම ඔහු කෘතවේදී ගැත්තෙකු විය.
وَقَضَيْنَا إِلَىٰ بَنِي إِسْرَائِيلَ فِي الْكِتَابِ لَتُفْسِدُنَّ فِي الْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا
තවද "නියත වශයෙන්ම, නුඹලා මහපොළොවේ දෙවරක් කලහකම් කරනු ඇතැයි ද නුඹලා මහත් උදම්වීමකින් (අපරාධ ක්‍රියා කරමින්) උදම් වනු ඇතැයි ද ඉස්රාඊල් දරුවන්ට අපේ ධර්ම ග්‍රන්ථයේ තීන්දු කළෙමු.
فَإِذَا جَاءَ وَعْدُ أُولَاهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَنَا أُولِي بَأْسٍ شَدِيدٍ فَجَاسُوا خِلَالَ الدِّيَارِ ۚ وَكَانَ وَعْدًا مَفْعُولًا
ඒ දෙකින් පළමු ප්‍රතිඥාව පැමිණි විට අප සතු වඩාත් බලවත් ගැත්තන් නුඹලාට එරෙහි ව අපි එව්වෙමු. එවිට ඔවුහු නිවෙස් අතරට රිංගා ගියෝය. එය සිදු කරනු ලබන ප්‍රතිඥාවක් විය.
ثُمَّ رَدَدْنَا لَكُمُ الْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَاكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَجَعَلْنَاكُمْ أَكْثَرَ نَفِيرًا
පසු ව ඔවුනට එරෙහි ව වාරය නුඹලා වෙත අපි නැවත ලබා දුනිමු. තවද ධනයෙන් හා දරුවන්ගෙන් අපි නුඹලාට උපකාර කළෙමු. තවද අපි නුඹලා ව පිරිස් බලයෙන් අධික කළෙමු.

Choose other languages: