Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #30 Translated in Sinhalese

وَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ وَلَا تُبَذِّرْ تَبْذِيرًا
තවද සමීප ඥාතිත්වය ඇත්තා හට ඔහුගේ උරුමය නුඹ දෙනු. තවද දුගියාට හා මගියාට ද දෙනු. තවද නුඹලා නාස්තිකාර ලෙසින් අපතේ නොයවනු.
إِنَّ الْمُبَذِّرِينَ كَانُوا إِخْوَانَ الشَّيَاطِينِ ۖ وَكَانَ الشَّيْطَانُ لِرَبِّهِ كَفُورًا
නියත වශයෙන්ම නාස්තිකාරයින් ෂෙයිතානුන්ගේ සහෝදරයෝ වූහ. තවද ෂෙයිතාන් තම පරමාධිපතිට මහත් ගුණමකුවකු විය.
وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ابْتِغَاءَ رَحْمَةٍ مِنْ رَبِّكَ تَرْجُوهَا فَقُلْ لَهُمْ قَوْلًا مَيْسُورًا
තවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ බලාපොරොත්තු වන දයාලුභාවය අපේක්ෂාවෙන් සිටියදී (කෙනෙක් ඔබෙන් යමක් ඉල්ලා ඔබට එය දීමට නොහැකිව) ඔවුන් ව ප්‍රතික්ෂේප කිරීමට සිදු වන්නේ නම් එවිට නුඹ ඔවුනට මෘදු වදනින් අමතනු.
وَلَا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَحْسُورًا
තවද නුඹ (කිසිවක් වියදම් නොකර) නුඹගේ අත නුඹගේ ගෙල වෙත විලංගු දමනු ලබන්නක් බවට පත් නොකරනු. තවද (සියල්ල වියදම් කර) එකවර දිගු නොහරිනු. එවිට නුඹ නින්දා අපහාසයට ලක් ව දරිද්‍රතාවයට ද පත් වනු ඇත.
إِنَّ رَبَّكَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට පෝෂණය විස්තීරණය කරයි. එමෙන්ම ඔහු සීමා ද කරයි. නියත වශයෙන්ම ඔහු තම ගැත්තන් පිළිබඳ මනා ඥානය ඇති සර්ව නිරීක්ෂක විය.

Choose other languages: