Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #32 Translated in Sinhalese

وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ابْتِغَاءَ رَحْمَةٍ مِنْ رَبِّكَ تَرْجُوهَا فَقُلْ لَهُمْ قَوْلًا مَيْسُورًا
තවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ බලාපොරොත්තු වන දයාලුභාවය අපේක්ෂාවෙන් සිටියදී (කෙනෙක් ඔබෙන් යමක් ඉල්ලා ඔබට එය දීමට නොහැකිව) ඔවුන් ව ප්‍රතික්ෂේප කිරීමට සිදු වන්නේ නම් එවිට නුඹ ඔවුනට මෘදු වදනින් අමතනු.
وَلَا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَحْسُورًا
තවද නුඹ (කිසිවක් වියදම් නොකර) නුඹගේ අත නුඹගේ ගෙල වෙත විලංගු දමනු ලබන්නක් බවට පත් නොකරනු. තවද (සියල්ල වියදම් කර) එකවර දිගු නොහරිනු. එවිට නුඹ නින්දා අපහාසයට ලක් ව දරිද්‍රතාවයට ද පත් වනු ඇත.
إِنَّ رَبَّكَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට පෝෂණය විස්තීරණය කරයි. එමෙන්ම ඔහු සීමා ද කරයි. නියත වශයෙන්ම ඔහු තම ගැත්තන් පිළිබඳ මනා ඥානය ඇති සර්ව නිරීක්ෂක විය.
وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ خَشْيَةَ إِمْلَاقٍ ۖ نَحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْ ۚ إِنَّ قَتْلَهُمْ كَانَ خِطْئًا كَبِيرًا
තවද දිළිඳුකමට බිය වී නුඹලාගේ දරුවන් නුඹලා මරා නොදමනු. ඔවුන්ට ද නුඹලාට ද පෝෂණය ලබා දෙනුයේ අපය. නියත වශයෙන්ම ඔවුන් ව මරා දැමීම මහත් පවක් විය.
وَلَا تَقْرَبُوا الزِّنَا ۖ إِنَّهُ كَانَ فَاحِشَةً وَسَاءَ سَبِيلًا
තවද නුඹලා කාම අපචාරයට ළං නොවනු. නියත වශයෙන්ම එය අශික්ෂිත කරුණකි. තවද එය මාර්ගයෙන් ද නපුරු විය.

Choose other languages: