Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #27 Translated in Sinhalese

وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۚ إِمَّا يَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تَقُلْ لَهُمَا أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا
නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නොකළ යුතු බවටත්, දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචන) නොපවසනු. තවද ඔවුන් දෙදෙනාව පලවා නොහරිනු. ඔවුන් දෙදෙනා ගෞරවනීය වදනින් අමතනු.
وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا
කරුණාවෙන් යුත් මෘදු පියාපත් ඔවුන් දෙදෙනාට නුඹ පහත් කරනු. තවද මාගේ පරමාධිපතියණනි! ඔවුන් දෙදෙනා මා කුඩා අවදියේ හදාවඩා ගත්තාක් මෙන් ඔවුන් දෙදෙනාට ද කරුණා කරනු මැනව!
رَبُّكُمْ أَعْلَمُ بِمَا فِي نُفُوسِكُمْ ۚ إِنْ تَكُونُوا صَالِحِينَ فَإِنَّهُ كَانَ لِلْأَوَّابِينَ غَفُورًا
නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සිත් තුළ ඇති දෑ මැනවින් දන්නාය. නුඹලා දැහැමියන් වන්නේ නම් නියත වශයෙන්ම ඔහු වෙත නැඹුරුවන්නන්හට අති ක්ෂමාශීලී විය.
وَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ وَلَا تُبَذِّرْ تَبْذِيرًا
තවද සමීප ඥාතිත්වය ඇත්තා හට ඔහුගේ උරුමය නුඹ දෙනු. තවද දුගියාට හා මගියාට ද දෙනු. තවද නුඹලා නාස්තිකාර ලෙසින් අපතේ නොයවනු.
إِنَّ الْمُبَذِّرِينَ كَانُوا إِخْوَانَ الشَّيَاطِينِ ۖ وَكَانَ الشَّيْطَانُ لِرَبِّهِ كَفُورًا
නියත වශයෙන්ම නාස්තිකාරයින් ෂෙයිතානුන්ගේ සහෝදරයෝ වූහ. තවද ෂෙයිතාන් තම පරමාධිපතිට මහත් ගුණමකුවකු විය.

Choose other languages: