Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #17 Translated in Sinhalese

وَكُلَّ إِنْسَانٍ أَلْزَمْنَاهُ طَائِرَهُ فِي عُنُقِهِ ۖ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنْشُورًا
තවද සෑම මිනිසකුටම ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ ගෙලෙහි අපි බැන්ඳෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්‍රියා ලේඛනය අපි ඔහුට හෙළි කරන්නෙමු. ඔහු එය විවෘත කරනු ලැබූවක් ලෙස දකිනු ඇත.
اقْرَأْ كِتَابَكَ كَفَىٰ بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا
නුඹ නුඹේ ක්‍රියා ලේඛනය කියවනු. අද දින නුඹට එරෙහිව විනිශ්චයකරු වශයෙන් නුඹම ප්‍රමාණවත්ය.
مَنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَنْ ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبْعَثَ رَسُولًا
කවරෙකු යහමඟ ලැබුවේ ද එසේ ඔහු යහමඟ ලබනුයේ ඔහුගේ ආත්මය වෙනුවෙනි. තවද කවරෙකු නොමඟ ගියේ ද එසේ ඔහු නොමඟ යනුයේ එයට එරෙහිවය. තවද බර උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර නොඋසුලයි. තවද අපි ධර්ම දූතයකු එවන තෙක් (කිසිදු සමාජයකට) දඬුවම් කරන්නන් ලෙස නොසිටියෙමු.
وَإِذَا أَرَدْنَا أَنْ نُهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُوا فِيهَا فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْنَاهَا تَدْمِيرًا
තවද යම් ගම්මානයක් අපි විනාශ කිරීමට සිතූ විට එහි සැප විඳිමින් සිටින්නන් හට (අපගේ නියෝගයන්ට අවනත වන මෙන්) අණ කළෙමු. නමුත් ඔවුහු පාපකම් කළෝය. එහෙයින් ඒ වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම විය. එවිට අපි එය සුණු විසුණු කළෙමු.
وَكَمْ أَهْلَكْنَا مِنَ الْقُرُونِ مِنْ بَعْدِ نُوحٍ ۗ وَكَفَىٰ بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًا بَصِيرًا
තවද අපි නූහ්ගෙන් පසුව පරම්පරාවන් කොපමණක් විනාශ කළෙමු ද? තවද තම ගැත්තන්ගේ පාපකම් පිළිබඳව නුඹගේ පරමාධිපති අභිඥානවන්තයකු ලෙසින් හා නිරීක්ෂක ලෙසින් ප්‍රමාණවත් විය.

Choose other languages: