Quran Apps in many lanuages:

Surah Al-Hajj Ayahs #34 Translated in Sinhalese

ذَٰلِكَ وَمَنْ يُعَظِّمْ حُرُمَاتِ اللَّهِ فَهُوَ خَيْرٌ لَهُ عِنْدَ رَبِّهِ ۗ وَأُحِلَّتْ لَكُمُ الْأَنْعَامُ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ ۖ فَاجْتَنِبُوا الرِّجْسَ مِنَ الْأَوْثَانِ وَاجْتَنِبُوا قَوْلَ الزُّورِ
(කඃබාව ඉදි කිරීමේ අරමුණ) එය වේ. තවද කවරෙකු අල්ලාහ්ගේ පාරිශුද්ධ දෑට ගරු කරන්නේද එය ඔහුගේ පරමාධිපති අබියස ඔහුට යහපතක් වේ. තවද නුඹලා වෙත පාරායනය කර පෙන්වනු ලබන දෑ හැර ගොවිපළ සතුන් නුඹලාට අනුමත කරන ලදී. තවද පිළිමවල කිලිටෙන් නුඹලා වළකිනු. තවද නුඹලා බොරු කතාවෙන් වළකිනු.
حُنَفَاءَ لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِ ۚ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاءِ فَتَخْطَفُهُ الطَّيْرُ أَوْ تَهْوِي بِهِ الرِّيحُ فِي مَكَانٍ سَحِيقٍ
ඔහුට ආදේශ නොතබන්නන් ලෙසින් හා අල්ලාහ්ට අවංකයින් ලෙසිනි. තවද කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද ඔහු අහසින් වැටී පසුව ඔහුව පක්ෂීන් ඩැහැ ගෙන යන්නාක් මෙන් හෝ සුළඟ ඔහු දූර තැනකට රැගෙන යන්නාක් මෙන් හෝ වේ.
ذَٰلِكَ وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ
(සත්යය) එයයි. තවද කවරෙකු අල්ලාහ්ගේ සංඥා ගරු කරන්නේ ද සැබැවින්ම එය හදවත් තුළ ඇති බිය බැතිමත්කම හේතුවෙනි.
لَكُمْ فِيهَا مَنَافِعُ إِلَىٰ أَجَلٍ مُسَمًّى ثُمَّ مَحِلُّهَا إِلَى الْبَيْتِ الْعَتِيقِ
නුඹලාට එහි නියමිත කාලයක් දක්වා (ඒවායෙහි) ප්‍රයෝජන ඇත. පසු ව එය ඉපැරණි ගෘහය වෙත ස්ථාන ගත කරනු ලබන්නක් වේ.
وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنْسَكًا لِيَذْكُرُوا اسْمَ اللَّهِ عَلَىٰ مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ ۗ فَإِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا ۗ وَبَشِّرِ الْمُخْبِتِينَ
තවද සෑම සමූහයක් සඳහාම ගොවිපළ සතුන් අතරින් ඔවුනට ඔහු පෝෂණය කළ දෑ මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිස නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳුන්ය. එහෙයින් නුඹලා ඔහුට අවනත වනු. තවද යටහත් වූවනට (නබිවරය) නුඹ ශුභාරංචි දන්වනු.

Choose other languages: