Quran Apps in many lanuages:

Surah Al-Hajj Ayahs #24 Translated in Sinhalese

يُصْهَرُ بِهِ مَا فِي بُطُونِهِمْ وَالْجُلُودُ
ඔවුන්ගේ උදරයන්හි ඇති දෑ හා හම් එමගින් දිය කරනු ලැබේ.
وَلَهُمْ مَقَامِعُ مِنْ حَدِيدٍ
තවද ඔවුනට යකඩින් වූ අත් මුගුරු ඇත.
كُلَّمَا أَرَادُوا أَنْ يَخْرُجُوا مِنْهَا مِنْ غَمٍّ أُعِيدُوا فِيهَا وَذُوقُوا عَذَابَ الْحَرِيقِ
දුකින් ඔවුන් එතැනින් පිටත් වීමට සිතූ සෑම අවස්ථාවකම ඔවුහු ඒ තුළට නැවත යොමු කරනු ලබති. තවද නුඹලා දැවෙන ගින්නේ දඬුවම භුක්ති විඳිනු (යැයි පවසනු ලැබේ).
إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِنْ ذَهَبٍ وَلُؤْلُؤًا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ
ඊට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වලට, විශ්වාස කොට යහකම් කළවුන් නියත වශයෙන්ම අල්ලාහ් ඇතුළත් කරයි. එහි රනින් වූ වළලු ද මුතු ද ඔවුනට පළඳවනු ලැබේ. තවද එහි ඔවුන්ගේ ඇඟලුම් සේදය.
وَهُدُوا إِلَى الطَّيِّبِ مِنَ الْقَوْلِ وَهُدُوا إِلَىٰ صِرَاطِ الْحَمِيدِ
තවද ප්‍රකාශයෙන් පිවිතුරු දෑ වෙතට ඔවුහු මග පෙන්වනු ලැබූහ. තවද ප්‍රශංසනීය මාවත වෙත ද ඔවුහු මග පෙන්වනු ලැබූහ.

Choose other languages: