Quran Apps in many lanuages:

Surah Al-Hajj Ayahs #22 Translated in Sinhalese

أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَسْجُدُ لَهُ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ وَالشَّمْسُ وَالْقَمَرُ وَالنُّجُومُ وَالْجِبَالُ وَالشَّجَرُ وَالدَّوَابُّ وَكَثِيرٌ مِنَ النَّاسِ ۖ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ الْعَذَابُ ۗ وَمَنْ يُهِنِ اللَّهُ فَمَا لَهُ مِنْ مُكْرِمٍ ۚ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يَشَاءُ ۩
අහස්හි සිටින අය ද මහපොළොවේ සිටින අය ද හිරු ද සඳු ද තාරකා ද කඳු ද ගස් ද සතුන් ද ජනයා අතරින් බහුතරයක් දෙනා ද නියත වශයෙන්ම අල්ලාහ්ට සුජූද් කරනු නුඹ නොදුටුවෙහි ද? නමුත් බහුතරයක් දෙනා කෙරෙහි දඬුවම නියම විය. අල්ලාහ් කවරෙකු අවමන් කළේ ද එවිට ගරු කරන කිසිවකු ඔහුට නොමැත. නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන දෑ සිදු කරයි.
هَٰذَانِ خَصْمَانِ اخْتَصَمُوا فِي رَبِّهِمْ ۖ فَالَّذِينَ كَفَرُوا قُطِّعَتْ لَهُمْ ثِيَابٌ مِنْ نَارٍ يُصَبُّ مِنْ فَوْقِ رُءُوسِهِمُ الْحَمِيمُ
මෙම විවාදිත දෙපිරිස තම පරාමාධිපති සම්බන්ධයෙන් විවාද කළෝය. එහෙයින් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන් හට (නිරා) ගින්නෙන් වූ ඇඟලුම් වෙන් කරන ලදී. ඔවුන්ගේ හිස් වලට ඉහළින් උණු දිය වක් කරනු ලැබේ.
يُصْهَرُ بِهِ مَا فِي بُطُونِهِمْ وَالْجُلُودُ
ඔවුන්ගේ උදරයන්හි ඇති දෑ හා හම් එමගින් දිය කරනු ලැබේ.
وَلَهُمْ مَقَامِعُ مِنْ حَدِيدٍ
තවද ඔවුනට යකඩින් වූ අත් මුගුරු ඇත.
كُلَّمَا أَرَادُوا أَنْ يَخْرُجُوا مِنْهَا مِنْ غَمٍّ أُعِيدُوا فِيهَا وَذُوقُوا عَذَابَ الْحَرِيقِ
දුකින් ඔවුන් එතැනින් පිටත් වීමට සිතූ සෑම අවස්ථාවකම ඔවුහු ඒ තුළට නැවත යොමු කරනු ලබති. තවද නුඹලා දැවෙන ගින්නේ දඬුවම භුක්ති විඳිනු (යැයි පවසනු ලැබේ).

Choose other languages: