Quran Apps in many lanuages:

Surah Al-Hajj Ayahs #16 Translated in Sinhalese

يَدْعُو مِنْ دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُ وَمَا لَا يَنْفَعُهُ ۚ ذَٰلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ
ඔහු අල්ලාහ් හැර දමා තමන්ට හානියක් සිදු කළ නොහැකි එමෙන්ම තමන්ට ඵලක් නොදෙන දෑට අයැද සිටියි. එයමය අන්ත මුළාව වනුයේ.
يَدْعُو لَمَنْ ضَرُّهُ أَقْرَبُ مِنْ نَفْعِهِ ۚ لَبِئْسَ الْمَوْلَىٰ وَلَبِئْسَ الْعَشِيرُ
ඔහුගේ ප්‍රයෝජනයට වඩා ඔහුගේ හානිය සමීප ව ඇත්තාගෙන් ඔහු අයැද සිටියි. (එසේ ඔහු පතන) එම භාරකරු නපුරු විය. තවද එම සහකරු නපුරු විය.
إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۚ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ
නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාස කොට යහකම් කළවුන් ඊට යටින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වෙත ඇතුළත් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් තමන් සිතන දෑ සිදු කරයි.
مَنْ كَانَ يَظُنُّ أَنْ لَنْ يَنْصُرَهُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى السَّمَاءِ ثُمَّ لْيَقْطَعْ فَلْيَنْظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُ مَا يَغِيظُ
මෙලොව හා මතුලොව අල්ලාහ් ඔහුට උදව් නොකරන්නේම යැයි කවරෙකු සිතන්නේ ද, ඔහු අහස දෙසට ආධාරකයක් දිගු කොට පසුව එය කපාහරිත්වා! එවිට ඔහුගේ කුමන්ත්රණය ඔහු කෝපය ඇති කරන දෑ ඉවත් කරනු ඇත්දැයි ඔහු බලත්වා!
وَكَذَٰلِكَ أَنْزَلْنَاهُ آيَاتٍ بَيِّنَاتٍ وَأَنَّ اللَّهَ يَهْدِي مَنْ يُرِيدُ
තවද එලෙස අපි මෙය (අල් කුර්ආනය) පැහැදිලි සංඥාවන් වශයෙන් පහළ කළෙමු. තවද නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි.

Choose other languages: