Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #10 Translated in Sinhalese

قُلْ أَنْزَلَهُ الَّذِي يَعْلَمُ السِّرَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ إِنَّهُ كَانَ غَفُورًا رَحِيمًا
අහස්හි හා මහපොළොවේ රහස්ය දෑ දන්නා, එය පහළ කළේය. නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලී හා මහා කරුණාන්විතයාණන් විය යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَقَالُوا مَالِ هَٰذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ ۙ لَوْلَا أُنْزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونَ مَعَهُ نَذِيرًا
තවද මෙම දූතයාණන්ට කුමක් වී ද? ඔහු ආහාර අනුභවය කරයි. වෙළඳ පොළ වල්හි සැරිසරයි. මොහු වෙතට මලක්වරයකු පහළ කරනු ලැබ මොහු සමග (එක්) වී ඔහු අවවාද කරන්නකු ලෙස සිටිය යුතු නොවේ ද? යැයි ඔවුහු පවසති.
أَوْ يُلْقَىٰ إِلَيْهِ كَنْزٌ أَوْ تَكُونُ لَهُ جَنَّةٌ يَأْكُلُ مِنْهَا ۚ وَقَالَ الظَّالِمُونَ إِنْ تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَسْحُورًا
එසේ නැතහොත් ඔහු වෙතට නිධානයක් දෙනු ලැබිය යුතු නොවේ ද? එසේත් නැතහොත් ඔහුට උයනක් වී එමගින් අනුභව කළ යුතු නොවේ ද? තවද නුඹලා අනුගමනය කරනුයේ හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස නැතැයි අපරාධකරුවෝ පැවසුවෝය.
انْظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا
(නබිවරය!) ඔවුහු නුඹට උපමා ගෙන හැර පානුයේ කෙසේ දැ?යි නුඹ අධීක්ෂණයෙන් බලනු. ඔවුහු නොමග ගියෝය. එහෙයින් ඔවුහු (යහ) මගක් ලබන්නට හැකියාව නොදරති.
تَبَارَكَ الَّذِي إِنْ شَاءَ جَعَلَ لَكَ خَيْرًا مِنْ ذَٰلِكَ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ وَيَجْعَلْ لَكَ قُصُورًا
ඔහු (අල්ලාහ්) උත්කෘෂ්ට විය. ඔහු වනාහි ඔහු අභිමත කළේ නම් මීට වඩා ශ්රේෂ්ඨ දෑ වශයෙන්, ඒවාට යටින් ගංගා ගලා බස්නා උයන් නුඹට තනා දෙන්නටත් තවද ඔහු නුඹට මාලිගාවන් තනා දෙන්නටත් තිබුණි.

Choose other languages: