Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #68 Translated in Sinhalese

وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا
තවද ඔවුහු වනාහි තම පරමාධිපතිට සිරස පහත් කරමින් ද නැගිට සිටිමින් ද රාත්‍රිය ගත කරන්නෝ වෙති.
وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ ۖ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا
තවද ඔවුහු වනාහි අපගේ පරමාධිපතියාණනි! නිරයේ දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම එහි දඬුවම නියම වන්නක් වී ඇතැයි ඔවුහු පවසති.
إِنَّهَا سَاءَتْ مُسْتَقَرًّا وَمُقَامًا
නියත වශයෙන්ම එය වාසස්ථානයෙන් හා නවාතැනින් ද නපුරු වී ඇත.
وَالَّذِينَ إِذَا أَنْفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكَانَ بَيْنَ ذَٰلِكَ قَوَامًا
තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති කළේ නැත. තවද මසුරු වූයේ ද නැත. ඒ අතර මැද මාවතක විය.
وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ ۚ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًا
තවද ඔවුහු වනාහි අල්ලාහ් සමග තවත් දෙවියකුට අයද නොසිටිති. තවද අල්ලාහ් තහනම් කළ ආත්මය නියමයකින් තොර ව මිස ඔවුහු ඝාතනය නොකරති. තවද කාම අපචාරයේ නිරත නොවෙති. තවද කවරෙකු එය සිදු කරන්නේ ද ඔහු (ඊට අදාල) ප්‍රතිවිපාකය ලබනු ඇත.

Choose other languages: