Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #7 Translated in Sinhalese

وَاتَّخَذُوا مِنْ دُونِهِ آلِهَةً لَا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ وَلَا يَمْلِكُونَ لِأَنْفُسِهِمْ ضَرًّا وَلَا نَفْعًا وَلَا يَمْلِكُونَ مَوْتًا وَلَا حَيَاةً وَلَا نُشُورًا
තවද ඔවුහු ඔහු හැර දමා වෙනත් දෙවිවරුන් ගත්තෝය. ඔවුන් කිසිවක් නොමවනු ඇත. ඔවුහු පවා මවනු ලැබූවන් වෙති. තවද ඔවුනට යම් හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ සැලසීමට ඔවුන් බලය නොදරනු ඇත. තවද (කිසිවක්) ජීවත් කරවීමට හෝ මරණයට පත් කිරීමට හෝ නැවත නැගිටුවීමට හෝ ඔවුන් බලය නොදරනු ඇත.
وَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا إِفْكٌ افْتَرَاهُ وَأَعَانَهُ عَلَيْهِ قَوْمٌ آخَرُونَ ۖ فَقَدْ جَاءُوا ظُلْمًا وَزُورًا
තවද මෙය ඔහු ගෙතූ ප්‍රබන්ධයක් මිස නැත. මේ සඳහා වෙනත් පිරිසක් ඔහුට උදව් කළේ යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝය. එහෙයින් සැබැවින්ම ඔවුහු අපරාධයක් හා අවලාදයක් ගෙන ආවෝය.
وَقَالُوا أَسَاطِيرُ الْأَوَّلِينَ اكْتَتَبَهَا فَهِيَ تُمْلَىٰ عَلَيْهِ بُكْرَةً وَأَصِيلًا
තවද ඒවා ඔහු ලියවා ගත් මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් වෙති. ඒවා ඔහු වෙත උදේ සවස කියවා පෙන්වනු ලැබේ යැයි ඔවුහු පවසති.
قُلْ أَنْزَلَهُ الَّذِي يَعْلَمُ السِّرَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ إِنَّهُ كَانَ غَفُورًا رَحِيمًا
අහස්හි හා මහපොළොවේ රහස්ය දෑ දන්නා, එය පහළ කළේය. නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලී හා මහා කරුණාන්විතයාණන් විය යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَقَالُوا مَالِ هَٰذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ ۙ لَوْلَا أُنْزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونَ مَعَهُ نَذِيرًا
තවද මෙම දූතයාණන්ට කුමක් වී ද? ඔහු ආහාර අනුභවය කරයි. වෙළඳ පොළ වල්හි සැරිසරයි. මොහු වෙතට මලක්වරයකු පහළ කරනු ලැබ මොහු සමග (එක්) වී ඔහු අවවාද කරන්නකු ලෙස සිටිය යුතු නොවේ ද? යැයි ඔවුහු පවසති.

Choose other languages: