Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #39 Translated in Sinhalese

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَا مَعَهُ أَخَاهُ هَارُونَ وَزِيرًا
තවද අපි මූසාට ධර්ම ග්රන්ථය පිරිනැමුවෙමු. තවද අපි ඔහු සමග ඔහුගේ සහෝදර හාරූන් උදව් කරුවකු බවට පත් කළෙමු.
فَقُلْنَا اذْهَبَا إِلَى الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا فَدَمَّرْنَاهُمْ تَدْمِيرًا
එවිට අපි අපගේ සංඥාවන් බොරු කළවුන් වෙත නුඹලා යනු යැයි පැවසුවෙමු. පසුව අපි ඔවුන් සහමුලින්ම විනාශ කළෙමු.
وَقَوْمَ نُوحٍ لَمَّا كَذَّبُوا الرُّسُلَ أَغْرَقْنَاهُمْ وَجَعَلْنَاهُمْ لِلنَّاسِ آيَةً ۖ وَأَعْتَدْنَا لِلظَّالِمِينَ عَذَابًا أَلِيمًا
තවද නූහ්ගේ ජනයා ද ඔවුන් එම ධර්ම දූතවරුන් බොරු කළ කල්හි අපි ඔවුන් දියේ ගිල්වීමු. තවද අපි ඔවුන් ජනයාට සංඥාවක් බවට පත් කළෙමු. තවද අපි අපරාධකරුවන්ට වේදනීය දඬුවමක් පිළියෙල කළෙමු.
وَعَادًا وَثَمُودَ وَأَصْحَابَ الرَّسِّ وَقُرُونًا بَيْنَ ذَٰلِكَ كَثِيرًا
තවද ආද් ජනයා සමූද් ජනයා රස් වාසීන් හා ඒ අතර වූ බොහෝමයක් පරම්පරාවන් ද (අපි විනාශ කළෙමු.)
وَكُلًّا ضَرَبْنَا لَهُ الْأَمْثَالَ ۖ وَكُلًّا تَبَّرْنَا تَتْبِيرًا
තවද සියල්ලන් ගැන අපි ඔහුට උපමා ගෙන හැර පෑවෙමු. තවද ඒ සෑම කෙනෙකුවම අපි සහමුලින්ම විනාශ කර දැමුවෙමු.

Choose other languages: