Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #23 Translated in Sinhalese

فَقَدْ كَذَّبُوكُمْ بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًا وَلَا نَصْرًا ۚ وَمَنْ يَظْلِمْ مِنْكُمْ نُذِقْهُ عَذَابًا كَبِيرًا
නමුත් නුඹලා පවසන දෑ සම්බන්ධයෙන් සැබැවින්ම ඔවුහුම නුඹලා බොරු කළෝය. එහෙයින් (දඬුවමින්) හැරෙන්නට හෝ උදව් ලබන්නට හෝ නුඹලා ශක්තිය නොදරන්නෙහුය. තවද නුඹලා අතරින් කවරෙකු අපරාධ කරන්නේ ද අපි ඔහුට මහත් වූ දඬුවමක් භුක්ති විඳින්නට සළස්වමු.
وَمَا أَرْسَلْنَا قَبْلَكَ مِنَ الْمُرْسَلِينَ إِلَّا إِنَّهُمْ لَيَأْكُلُونَ الطَّعَامَ وَيَمْشُونَ فِي الْأَسْوَاقِ ۗ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً أَتَصْبِرُونَ ۗ وَكَانَ رَبُّكَ بَصِيرًا
තවද නුඹට පෙර වූ ධර්ම දූතයින් අතරින් ඔවුන් ආහාර අනුභව කරන්නන් හා වෙළඳපොළවල්හි ගමන් කරන්නන් ලෙසින් මිස අපි නොඑව්වෙමු. තවද නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට පරීක්ෂණයක් බවට පත් කළෙමු. නුඹලා ඉවසා දරා ගන්නෙහු ද? තවද නුඹගේ පරමාධිපති සර්ව නිරීක්ෂක විය.
وَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا لَوْلَا أُنْزِلَ عَلَيْنَا الْمَلَائِكَةُ أَوْ نَرَىٰ رَبَّنَا ۗ لَقَدِ اسْتَكْبَرُوا فِي أَنْفُسِهِمْ وَعَتَوْا عُتُوًّا كَبِيرًا
තවද අපගේ හමුව බලාපොරොත්තු නොවන්නන් අප වෙත මලක්වරුන් පහළ කරනු ලැබ තිබිය යුතු නොවේ ද? එසේ නැතහොත් අපගේ පරමාධිපති අපි දැකිය යුතු නොවේ ද? යැයි පැවසුවෝය. සැබැවින්ම ඔවුන් ඔවුන් විෂයෙහි උඩඟු වූහ. තවද මහත් ලෙස සීමාව ඉක්මවා කටයුතු කළෝය.
يَوْمَ يَرَوْنَ الْمَلَائِكَةَ لَا بُشْرَىٰ يَوْمَئِذٍ لِلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًا مَحْجُورًا
මලක්වරුන්ව ඔවුන් දකින දින කිසිදු ශුභාශිංසනයක් අපරාධකරුවන්ට එදින නොමැත. තවද වළක්වනු ලබන බාධකයක් විය යැයි ඔවුහු පවසති.
وَقَدِمْنَا إِلَىٰ مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا
තවද ක්රියාවෙන් ඔවුන් සිදු කළ දෑ වෙතට අපි යොමුවන්නෙමු. පසු ව අපි එය විහිඳුණු දූවිලි බවට පත් කරන්නෙමු.

Choose other languages: