Quran Apps in many lanuages:

Surah Al-Fath Ayahs #24 Translated in Sinhalese

وَعَدَكُمُ اللَّهُ مَغَانِمَ كَثِيرَةً تَأْخُذُونَهَا فَعَجَّلَ لَكُمْ هَٰذِهِ وَكَفَّ أَيْدِيَ النَّاسِ عَنْكُمْ وَلِتَكُونَ آيَةً لِلْمُؤْمِنِينَ وَيَهْدِيَكُمْ صِرَاطًا مُسْتَقِيمًا
තවදඅධික ලෙසින් (සතුරන් විසින් යුද පිටියේ හැර දමා ගිය) යුද සම්පත්, නුඹලා එය ලබාගනු ඇතැයි අල්ලාහ් නුඹලාට ප්‍රතිඥා දුන්නේය. එමෙන්ම නුඹලාට ඔහු මෙය කල් ඇති ව ද දී ඇත. තවද ඔහු ජනයාගේ අත් නුඹලාගෙන් වැළැක්වීය. තවද එය දේවත්වය විශ්වාස කරන්නන් හට සංඥාවක් වනු පිණිස හා ඔහු නුඹලාට ඍජු මාර්ගය පෙන්වනු පිණිසය.
وَأُخْرَىٰ لَمْ تَقْدِرُوا عَلَيْهَا قَدْ أَحَاطَ اللَّهُ بِهَا ۚ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرًا
තවද නුඹලා (තවමත්) ඒ මත බලය නොදැරූ තවත් දෑ ද ඇත. අල්ලාහ් ඒවා සැබැවින්ම වට කරගෙන සිටියි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
وَلَوْ قَاتَلَكُمُ الَّذِينَ كَفَرُوا لَوَلَّوُا الْأَدْبَارَ ثُمَّ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا
තවද ප්‍රතික්ෂේප කළවුන් නුඹලා සමග සටන් වැදුණේ නම් පසුපස හැරී ඔවුන් (දුව) යනු ඇත. පසු ව ඔවුන් කිසිදු ආරක්ෂකයකු හෝ උදව්කරුවෙකු හෝ නොලබනු ඇත.
سُنَّةَ اللَّهِ الَّتِي قَدْ خَلَتْ مِنْ قَبْلُ ۖ وَلَنْ تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا
(එය) මීට පෙර ඉකුත් ව ගිය අල්ලාහ්ගේ පිළිවෙතයි. තවද අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු වෙනස් කිරීමක් නුඹ නොදකින්නේමය.
وَهُوَ الَّذِي كَفَّ أَيْدِيَهُمْ عَنْكُمْ وَأَيْدِيَكُمْ عَنْهُمْ بِبَطْنِ مَكَّةَ مِنْ بَعْدِ أَنْ أَظْفَرَكُمْ عَلَيْهِمْ ۚ وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا
ඔවුනට එරෙහි ව ඔහු නුඹලාට ජය ලබා දුන් පසුව මක්කාව තුළ ඔවුන්ගේ අත් නුඹලාගෙන් ද නුඹලාගේ අත් ඔවුන්ගෙන් ද වැළැක්වූයේ ඔහුය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.

Choose other languages: