Surah Al-Baqara Ayahs #74 Translated in Sinhalese
قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا هِيَ إِنَّ الْبَقَرَ تَشَابَهَ عَلَيْنَا وَإِنَّا إِنْ شَاءَ اللَّهُ لَمُهْتَدُونَ
එය කවරක් දැයි අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්න. සැබවින්ම අපට සියලුම එළදෙන්නු එකිනෙකට සමාන බව පෙනේ. තව ද අල්ලාහ් අභිමත කළේ නම් සැබැවින් ම අපි යහ මඟ ලබන්නන් වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَا ذَلُولٌ تُثِيرُ الْأَرْضَ وَلَا تَسْقِي الْحَرْثَ مُسَلَّمَةٌ لَا شِيَةَ فِيهَا ۚ قَالُوا الْآنَ جِئْتَ بِالْحَقِّ ۚ فَذَبَحُوهَا وَمَا كَادُوا يَفْعَلُونَ
සැබැවින් ම එය පොළොව සී සාන්නට හෝ ගොවි බිම ට ජලය සපයන්න ට හෝ පුහුණු නොකළ, වර්ණයෙ හි කිසිදු වෙනසක් නොමැති, නිකැළැල් එළදෙනකු බව ඔහු පවසා සිටින්නේ යැයි පැවසීය. දැන් ය ඔබ සත්‍යය ගෙන ආවේ යැයි ඔවුහු පැවසූහ. (එසේ) සිදු කරන්නට (එතරම් කැමැත්තකින්) නොසිටිය ද ඔවුහු උගේ ගෙල කපා හැරියහ.
وَإِذْ قَتَلْتُمْ نَفْسًا فَادَّارَأْتُمْ فِيهَا ۖ وَاللَّهُ مُخْرِجٌ مَا كُنْتُمْ تَكْتُمُونَ
සැබැවින් ම එය පොළොව සී සාන්නට හෝ ගොවි බිම ට ජලය සපයන්න ට හෝ පුහුණු නොකළ, වර්ණයෙ හි කිසිදු වෙනසක් නොමැති, නිකැළැල් එළදෙනකු බව ඔහු පවසා සිටින්නේ යැයි පැවසීය. දැන් ය ඔබ සත්‍යය ගෙන ආවේ යැයි ඔවුහු පැවසූහ. (එසේ) සිදු කරන්නට (එතරම් කැමැත්තකින්) නොසිටිය ද ඔවුහු උගේ ගෙල කපා හැරියහ.
فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا ۚ كَذَٰلِكَ يُحْيِي اللَّهُ الْمَوْتَىٰ وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ
එවිට එහි ( කපන ලද එළදෙන ගේ) කොටසකින් නුඹලා (මිය ගිය) ඔහු ට ගසනු යැයි අපි කීවෙමු. මියගියවුන් ට අල්ලාහ් ප්‍රාණය දෙන්නේ එලෙස ය. තවද නුඹලා ට වටහා ගත හැකි වනු පිණිස ඔහු නුඹලා ට ඔහු ගේ සාධකයන් පෙන්වන්නේ ය.
ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَٰلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً ۚ وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الْأَنْهَارُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاءُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللَّهِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
අනතුරු ව, ඉන් පසු ව පවා නුඹලා ගේ හදවත් දැඩි විය. ඒවා ගල් මෙන්ය. එසේ නොමැති නම් ඊටත් වඩා දැඩි ය. ගල් අතුරින් පිපිරී එමගින් ගංගාවන් ගලන දෑ ඇත. සැබැවින් ම ඒ අතුරින් පැළී විවර වී එමගින් ජලය පිට කරන දෑ ද ඇත. සැබැවින් ම ඒ අතුරින් අල්ලාහ් ට බියෙන් ඇද හැළෙන දෑ ද ඇත. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් අනවධානියෙකු නොවේ.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
