Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #72 Translated in Sinhalese

قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا هِيَ ۚ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَا فَارِضٌ وَلَا بِكْرٌ عَوَانٌ بَيْنَ ذَٰلِكَ ۖ فَافْعَلُوا مَا تُؤْمَرُونَ
එය කවරක් දැයි අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැයි ඔවුහු පැවසූහ. නියත වශයෙන් ම ඔහු (පරමාධිපති) සැබවින් ම එය (වයසින්) මුහුකුරා නොගිය ළපටි ද නොවූ ඒ අතර මැදිවියේ පසුවන එළදෙනකි යැයි නිසකවම ඔහු පවසයි. එබැවින් නුඹලා අණ කරනු ලබන දෑ සිදු කරනු යැයි ඔහු (මූසා) පැවසීය.
قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا لَوْنُهَا ۚ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ صَفْرَاءُ فَاقِعٌ لَوْنُهَا تَسُرُّ النَّاظِرِينَ
එහි වර්ණය කෙබඳුද යන්න අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැයි ඔවුහු පැවසූහ. නියත වශයෙන් ම එය, දකින්නන් සතුට ට පත් කරවන කහ පැහැති එම වර්ණය ද වඩා පැහැදිලි එළදෙනක යැයි සැබැවින්ම ඔහු පවසයි යනුවෙන් (මූසා) පැවසුවේය.
قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا هِيَ إِنَّ الْبَقَرَ تَشَابَهَ عَلَيْنَا وَإِنَّا إِنْ شَاءَ اللَّهُ لَمُهْتَدُونَ
එය කවරක් දැයි අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්න. සැබවින්ම අපට සියලුම එළදෙන්නු එකිනෙකට සමාන බව පෙනේ. තව ද අල්ලාහ් අභිමත කළේ නම් සැබැවින් ම අපි යහ මඟ ලබන්නන් වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَا ذَلُولٌ تُثِيرُ الْأَرْضَ وَلَا تَسْقِي الْحَرْثَ مُسَلَّمَةٌ لَا شِيَةَ فِيهَا ۚ قَالُوا الْآنَ جِئْتَ بِالْحَقِّ ۚ فَذَبَحُوهَا وَمَا كَادُوا يَفْعَلُونَ
සැබැවින් ම එය පොළොව සී සාන්නට හෝ ගොවි බිම ට ජලය සපයන්න ට හෝ පුහුණු නොකළ, වර්ණයෙ හි කිසිදු වෙනසක් නොමැති, නිකැළැල් එළදෙනකු බව ඔහු පවසා සිටින්නේ යැයි පැවසීය. දැන් ය ඔබ සත්‍යය ගෙන ආවේ යැයි ඔවුහු පැවසූහ. (එසේ) සිදු කරන්නට (එතරම් කැමැත්තකින්) නොසිටිය ද ඔවුහු උගේ ගෙල කපා හැරියහ.
وَإِذْ قَتَلْتُمْ نَفْسًا فَادَّارَأْتُمْ فِيهَا ۖ وَاللَّهُ مُخْرِجٌ مَا كُنْتُمْ تَكْتُمُونَ
සැබැවින් ම එය පොළොව සී සාන්නට හෝ ගොවි බිම ට ජලය සපයන්න ට හෝ පුහුණු නොකළ, වර්ණයෙ හි කිසිදු වෙනසක් නොමැති, නිකැළැල් එළදෙනකු බව ඔහු පවසා සිටින්නේ යැයි පැවසීය. දැන් ය ඔබ සත්‍යය ගෙන ආවේ යැයි ඔවුහු පැවසූහ. (එසේ) සිදු කරන්නට (එතරම් කැමැත්තකින්) නොසිටිය ද ඔවුහු උගේ ගෙල කපා හැරියහ.

Choose other languages: