Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #46 Translated in Sinhalese

وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَأَنْتُمْ تَعْلَمُونَ
තව ද නුඹලා සත්‍යය අසත්‍යය සමඟ මුසු නොකරනු. තව ද නුඹලා දැනුවත්ව ම සත්‍යය වසන් නොකරනු.
وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَارْكَعُوا مَعَ الرَّاكِعِينَ
තව ද නුඹලා සලාතය ස්ථාපිත කර zසකාත් (හෙවත් අනිවාර්‍ය බද්ද) ද දෙනු. තවද (දණහිස මත අත් තබා නැමී) රුකූඋ කරන්නන් සමඟ රුකූඋ කරනු.
أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنْسَوْنَ أَنْفُسَكُمْ وَأَنْتُمْ تَتْلُونَ الْكِتَابَ ۚ أَفَلَا تَعْقِلُونَ
නුඹලා දේව ග්‍රන්ථය කියවමින් ම නුඹලා නුඹලා ව අමතක කර දමා ජනයා ට යහපත විධානය කරන්නෙහු ද ? (ඒ බව) නුඹලා වටහා නොගන්නෙහු ද?
وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ
තව ද නුඹලා ඉවසීමෙන් හා සලාතය ඉටු කිරීමෙන් උදව් පතනු. සැබැවින් ම එය (සලාතය) දේව බියෙන් යටහත් වන්නන් ට හැර සෙසු අය ට බැරෑරුම් ය.
الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ
ඔවුහු කවරහු ද යත් සැබැවින් ම තමන් තම පරමාධිපති ව මුණ ගැසෙන්නන් බවත් තව ද සැබැවින් ම තමන් ඔහු වෙත නැවත යොමු වන්නන් බවත් වටහා ගනිති.

Choose other languages: