Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #279 Translated in Sinhalese

الَّذِينَ يَأْكُلُونَ الرِّبَا لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطَانُ مِنَ الْمَسِّ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا إِنَّمَا الْبَيْعُ مِثْلُ الرِّبَا ۗ وَأَحَلَّ اللَّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا ۚ فَمَنْ جَاءَهُ مَوْعِظَةٌ مِنْ رَبِّهِ فَانْتَهَىٰ فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللَّهِ ۖ وَمَنْ عَادَ فَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
පොලිය අනුභව කරන්නවුන් ෂෙයිතාන් ස්පර්ශ කිරීමෙන් ඔහුගේ ප්‍රහාරයට ලක් වූ කෙනෙකු මෙන් මිස (අවසන් දින) නො නැගිටින්නෝය. එය සැබැවින්ම ඔවුහු ඇත්ත වශයෙන්ම ව්‍යාපාරය ද පොලිය මෙනි යැයි පවසා සිටි හේතුවෙනි. අල්ලාහ් ව්‍යාපාරය අනුමත කළ අතර පොලිය තහනම් කළේය. කවරෙකුට තම පරමාධිපතිගෙන් (ඒ ගැන) උපදෙසක් පැමිණ එයින් වැළකුණේ ද එවිට පසු ගිය දෑ ඔහු සතුය. ඔහුගේ විෂය අල්ලාහ් වෙතමය. කවරෙකු නැවත (එම පොලිය වෙත) යොමු වූයේ ද එවිට ඔවුහු නිරයේ සගයෝ වෙති. ඔවුහු එහි සදාතනිකයෝය.
يَمْحَقُ اللَّهُ الرِّبَا وَيُرْبِي الصَّدَقَاتِ ۗ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ
අල්ලාහ් පොලිය විනාශ කරන්නේය. සදකා (පුණ්‍ය ක්‍රියා) වන් වර්ධනය කරන්නේය. පාපිෂ්ඨ දේව ප්‍රතික්පේපිත සෑම කෙනෙකුවම අල්ලාහ් ප්‍රිය නොකරන්නේය.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් ද සලාතය ස්ථාපිත කළවුන් ද zසකාත් පිරිනැමූවන් ද වනාහි ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. ඔවුනට කිසිදු බියක් නොමැත. ඔවුහු දුකට පත්වන්නෝ ද නොවෙති.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَذَرُوا مَا بَقِيَ مِنَ الرِّبَا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම්, පොලියෙන් ඉතිරි දෑ අත හැර දමනු.
فَإِنْ لَمْ تَفْعَلُوا فَأْذَنُوا بِحَرْبٍ مِنَ اللَّهِ وَرَسُولِهِ ۖ وَإِنْ تُبْتُمْ فَلَكُمْ رُءُوسُ أَمْوَالِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ
එලෙස නුඹලා කටයුතු නොකළේ නම් එවිට අල්ලාහ් හා ඔහුගේ දූතයා සමග යුද වැදීමට සූදානම් වනු යැයි දන්වා සිටිනු. තවද නුඹලා පශ්චාත්තාප වූයෙහු නම් එවිට නුඹලාගේ ප්‍රාග්ධනය නුඹලා සතුය. නුඹලා අපරාධ නොකළ යුතුය. තවද නුඹලා ද අපරාධයට ලක් නොවිය යුතුයි.

Choose other languages: