Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #281 Translated in Sinhalese

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් ද සලාතය ස්ථාපිත කළවුන් ද zසකාත් පිරිනැමූවන් ද වනාහි ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. ඔවුනට කිසිදු බියක් නොමැත. ඔවුහු දුකට පත්වන්නෝ ද නොවෙති.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَذَرُوا مَا بَقِيَ مِنَ الرِّبَا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම්, පොලියෙන් ඉතිරි දෑ අත හැර දමනු.
فَإِنْ لَمْ تَفْعَلُوا فَأْذَنُوا بِحَرْبٍ مِنَ اللَّهِ وَرَسُولِهِ ۖ وَإِنْ تُبْتُمْ فَلَكُمْ رُءُوسُ أَمْوَالِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ
එලෙස නුඹලා කටයුතු නොකළේ නම් එවිට අල්ලාහ් හා ඔහුගේ දූතයා සමග යුද වැදීමට සූදානම් වනු යැයි දන්වා සිටිනු. තවද නුඹලා පශ්චාත්තාප වූයෙහු නම් එවිට නුඹලාගේ ප්‍රාග්ධනය නුඹලා සතුය. නුඹලා අපරාධ නොකළ යුතුය. තවද නුඹලා ද අපරාධයට ලක් නොවිය යුතුයි.
وَإِنْ كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَىٰ مَيْسَرَةٍ ۚ وَأَنْ تَصَدَّقُوا خَيْرٌ لَكُمْ ۖ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
ඔහු දුෂ්කරත්වයෙන් පෙළෙන අයෙකු නම් එවිට පහසුකම් ඇති වන තෙක් අවකාශයක් (ලබා දිය යුතුව) ඇත. තවද නුඹලා (එය) දානයක් ලෙස පිරිනැමීම නුඹලාට යහපතය. නුඹලා (ඒ බව) දැන සිටියෙහු නම්.
وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللَّهِ ۖ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
එහි නුඹලා ව අල්ලාහ් වෙත නැවත යොමු කරනු ලබන දිනයක් ගැන නුඹලා බියබැතිමත් වනු. පසුව සෑම ආත්මයකටම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලබන්නේය. තවද ඔවුහු අපරාධ කරනු නොලබන්නෝය.

Choose other languages: