Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #202 Translated in Sinhalese

لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَبْتَغُوا فَضْلًا مِنْ رَبِّكُمْ ۚ فَإِذَا أَفَضْتُمْ مِنْ عَرَفَاتٍ فَاذْكُرُوا اللَّهَ عِنْدَ الْمَشْعَرِ الْحَرَامِ ۖ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِنْ كُنْتُمْ مِنْ قَبْلِهِ لَمِنَ الضَّالِّينَ
නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍යය නුඹලා සෙවීම නුඹලා කෙරෙහි වරදක් නොමැත. එබැවින් නුඹලා අරෆා ප්‍රදේශයන් හි සිට (බැහැර වී) ගලා ආ විට මෂ්අරුල් හරාම් නම් ස්ථානයේ අල්ලාහ් ව සිහිපත් කරනු.ඔහු නුඹලාට මඟපෙන් වූ අයුරින් නුඹලා ද ඔහු ව සිහිපත් කරනු. තවද මීට පෙර නුඹලා නොමඟ ගියවුන් අතුරින් සිටියෙහුය.
ثُمَّ أَفِيضُوا مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
ජනයා (බැහැර වී) ගලා එන පරිදි ම නුඹලා ද ගලා එනු. තවද අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැදිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
فَإِذَا قَضَيْتُمْ مَنَاسِكَكُمْ فَاذْكُرُوا اللَّهَ كَذِكْرِكُمْ آبَاءَكُمْ أَوْ أَشَدَّ ذِكْرًا ۗ فَمِنَ النَّاسِ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ
නුඹලාගේ (හජ්) වතාවත් නුඹලා ඉටු කළ විට නුඹලා නුඹලාගේ මුතුන් මිත්තන් සිහිපත් කරමින් සිටියාක් මෙන් හෝ ඊටත් වඩා දැඩි සිහිපත් කිරීමකින් අල්ලාහ් ව සිහිපත් කරනු. ඒ අනුව ජනයා අතුරින් ඇතැමුන් අපගේ පරමාධිපතියාණෙනි! මෙලොවෙහි අපට පිරිනමනු මැනව! යැයි පවසන්නන් වෙති. ඔහුට මතු ලොවෙහි කිසිදු කොටසක් හිමි වන්නේ නැත.
وَمِنْهُمْ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ
අපගේ පරමාධිපතියාණෙනි! මෙලොවෙහි යහපත ද, මතු ලොවෙහි යහපත ද අප හට පිරිනමනු මැනව! තවද නිරයේ දඬුවමින් අපව ආරක්ෂා කරනු මැනව! යැයි පවසන ඇතැමුන් ද ඔවුන් අතුරින් වෙති.
أُولَٰئِكَ لَهُمْ نَصِيبٌ مِمَّا كَسَبُوا ۚ وَاللَّهُ سَرِيعُ الْحِسَابِ
තමන් ඉපැයූ දැයින් කොටසක් තමන්ට ඇත්තෝ ඔවුන්මය. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.

Choose other languages: