Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #192 Translated in Sinhalese

وَلَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ وَتُدْلُوا بِهَا إِلَى الْحُكَّامِ لِتَأْكُلُوا فَرِيقًا مِنْ أَمْوَالِ النَّاسِ بِالْإِثْمِ وَأَنْتُمْ تَعْلَمُونَ
තවද නුඹලාගේ වස්තුව නුඹලා අතර අයුක්ති සහගත ලෙස අනුභව නොකරනු. ජනයාගේ වස්තුවෙන් කොටසක් දැනුවත්ව ම නුඹලා භුක්ති විදිනු පිණිස ඒවා පාලකයින් වෙත යොමු නොකරනු.
يَسْأَلُونَكَ عَنِ الْأَهِلَّةِ ۖ قُلْ هِيَ مَوَاقِيتُ لِلنَّاسِ وَالْحَجِّ ۗ وَلَيْسَ الْبِرُّ بِأَنْ تَأْتُوا الْبُيُوتَ مِنْ ظُهُورِهَا وَلَٰكِنَّ الْبِرَّ مَنِ اتَّقَىٰ ۗ وَأْتُوا الْبُيُوتَ مِنْ أَبْوَابِهَا ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ
නව සඳ පිළිබඳ ව ඔවුන් නුඹගෙන් විමසති. එය ජනයාට හා හජ් (වන්දනාවන්) හි කාල නියමයන්ය. තවද නුඹලාගේ නිවෙස් වෙත නුඹලා එහි පිටු පසින් පැමිණීම යහපත් නොවේ. නමුත් යහපත වනුයේ බියබැතිමත් වන්නාය. තවද නුඹලා නිවෙස් තුළට එහි (ප්‍රධාන) දොරටුවෙන් පැමිණෙනු. තවද නුඹලා ජයග්‍රහණය ලබා ගත හැකි වනු පිණිස අල්ලාහ්ට බියබැතිමත් වනු .
وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلَا تَعْتَدُوا ۚ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُعْتَدِينَ
තවද නුඹලා සමඟ සටන් කරන්නන් සමඟ නුඹලා ද සටන් කරනු. නුඹලා සීමාව ඉක්මවා නොයනු. සැබැවින් අල්ලාහ් සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව ප්‍රිය නොකරන්නේය.
وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُمْ مِنْ حَيْثُ أَخْرَجُوكُمْ ۚ وَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ ۚ وَلَا تُقَاتِلُوهُمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ حَتَّىٰ يُقَاتِلُوكُمْ فِيهِ ۖ فَإِنْ قَاتَلُوكُمْ فَاقْتُلُوهُمْ ۗ كَذَٰلِكَ جَزَاءُ الْكَافِرِينَ
තවද නුඹලා (යුද බිමේ) ඔවුන් ව දුටු තැන මරා දමනු. ඔවුන් නුඹලාව පිටුවහල් කළ පරිදිම නුඹලා ඔවුන් ව පිටුවහල් කරනු. කලහකාරීත්වය ඝාතනයට වඩා ඉතා දුෂ්ටය. ශුද්ධ මස්ජිදය අබියස ඔවුන් නුඹලා සමඟ එහි සටන් වදින තුරු නුඹලා ඔවුන් සමඟ සටන් නොවදිනු. එසේ නුඹලා සමඟ ඔවුන් සටන් වැදුනේ නම් නුඹලා ඔවුන් ව ඝාතනය කරනු. එලෙසය දේව ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රතිවිපාකය වනුයේ.
فَإِنِ انْتَهَوْا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
තවද නුඹලා (යුද බිමේ) ඔවුන් ව දුටු තැන මරා දමනු. ඔවුන් නුඹලාව පිටුවහල් කළ පරිදිම නුඹලා ඔවුන් ව පිටුවහල් කරනු. කලහකාරීත්වය ඝාතනයට වඩා ඉතා දුෂ්ටය. ශුද්ධ මස්ජිදය අබියස ඔවුන් නුඹලා සමඟ එහි සටන් වදින තුරු නුඹලා ඔවුන් සමඟ සටන් නොවදිනු. එසේ නුඹලා සමඟ ඔවුන් සටන් වැදුනේ නම් නුඹලා ඔවුන් ව ඝාතනය කරනු. එලෙසය දේව ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රතිවිපාකය වනුයේ.

Choose other languages: