Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #41 Translated in Sinhalese

فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۚ أُولَٰئِكَ يَنَالُهُمْ نَصِيبُهُمْ مِنَ الْكِتَابِ ۖ حَتَّىٰ إِذَا جَاءَتْهُمْ رُسُلُنَا يَتَوَفَّوْنَهُمْ قَالُوا أَيْنَ مَا كُنْتُمْ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ ۖ قَالُوا ضَلُّوا عَنَّا وَشَهِدُوا عَلَىٰ أَنْفُسِهِمْ أَنَّهُمْ كَانُوا كَافِرِينَ
එහෙයින් අල්ලාහ් මත බොරු ගොතන්නාට හෝ ඔහුගේ වදන් බොරු කළ වුනට වඩා මහා අපරාධකරු කවරෙකු ද? ඔවුනට නියම කර ලියන ලද ඔවුන්ගේ කොටස ඔවුන් ලබනු ඇත. අවසානයේ ඔවුන් අත්පත් කර ගැනීම සඳහා අපගේ දූතවරු පැමිණි විට ‘අල්ලාහ්ගෙන් තොර ව නුඹලා අයැදිමින් සිටි දෑ කොහේදැයි (ඔවුන්ගෙන්) විමසති. (එවිට) ඔවුහු ඔවුන් අපෙන් මුළා වී ඇතැයි පවසති. තවද තමන් දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටී බවට ඔවුහු ඔවුන්ටම (එරෙහිව) සාක්ෂි දරති.
قَالَ ادْخُلُوا فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ مِنَ الْجِنِّ وَالْإِنْسِ فِي النَّارِ ۖ كُلَّمَا دَخَلَتْ أُمَّةٌ لَعَنَتْ أُخْتَهَا ۖ حَتَّىٰ إِذَا ادَّارَكُوا فِيهَا جَمِيعًا قَالَتْ أُخْرَاهُمْ لِأُولَاهُمْ رَبَّنَا هَٰؤُلَاءِ أَضَلُّونَا فَآتِهِمْ عَذَابًا ضِعْفًا مِنَ النَّارِ ۖ قَالَ لِكُلٍّ ضِعْفٌ وَلَٰكِنْ لَا تَعْلَمُونَ
ජින් වර්ගයා හා මිනිස් වර්ගයා අතරින් නුඹලාට පෙර ඉකුත් වී ගිය; නිරයේ වෙසෙන සමූහයන් අතරට නුඹලා ද පිවිසෙනු යැයි ඔහු පවසයි. සෑම සමූහයක්ම පිවිසෙන විට ඔවුහු තම සහෝදර සමූහයාට ශාප කරති. එකින් පසු එක ඔවුන් සියල්ලම එහි ළඟා වූ විට ඔවුන්ගෙන් පසු අය ඔවුන්ගෙන් මුල් අයට එරෙහි ව අපගේ පරමාධිපතියාණනි! අපව නොමඟ හැරියේ මොවුහුය. එබැවින් ඔවුනට නිරා ගින්නේ දෙගුණයක දඬුවමක් පිරිනමනු මැනව! යැයි පවසති. සෑම කෙනෙකුටම දෙගුණය(ක දඬුවම)ක් ඇත. එනමුත් නුඹලා එය නොදන්නෙහුය යැයි ඔහු පවසයි.
وَقَالَتْ أُولَاهُمْ لِأُخْرَاهُمْ فَمَا كَانَ لَكُمْ عَلَيْنَا مِنْ فَضْلٍ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْسِبُونَ
එමෙන්ම ‘අපට වඩා කිසිදු මහිමයක් නුඹලාට නොවීය. එබැවින් නුඹලා ද නුඹලා උපයමින් සිටි දෑ හේතුවෙන් මෙම දඬුවම භුක්ති විඳිනු’ යැයි ඔවුන්ගෙන් මුල් අය ද ඔවුන්ගෙන් පසු අය දෙස බලා පවසති.
إِنَّ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَاسْتَكْبَرُوا عَنْهَا لَا تُفَتَّحُ لَهُمْ أَبْوَابُ السَّمَاءِ وَلَا يَدْخُلُونَ الْجَنَّةَ حَتَّىٰ يَلِجَ الْجَمَلُ فِي سَمِّ الْخِيَاطِ ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُجْرِمِينَ
සැබැවින්ම අපගේ වදන් බොරු කොට ඒ ගැන උඬඟුවූවන් වන ඔවුනට අහස්හි දොරටු විවෘත කරනු නොලැබේ. ඔටුවා ඉඳි කටු සිදුර තුළට පිවිසෙන තෙක් (එය නොසිදුවන්නේ කෙසේද එසේම) ඔවුහු (ද) ස්වර්ගයට නොපිවිසෙති. මෙලෙසය අපි වැරදිකරුවන්ට ප්‍රතිවිපාක පිරිනමනුයේ.
لَهُمْ مِنْ جَهَنَّمَ مِهَادٌ وَمِنْ فَوْقِهِمْ غَوَاشٍ ۚ وَكَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ
ඔවුනට නිරයෙන් වූ යහනක් ඇත. එමෙන්ම ඔවුනට ඉහළින් ආවරණයක් ද ඇත. තවද එලෙසය අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක පිරිනමනුයේ.

Choose other languages: