Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #35 Translated in Sinhalese

يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُوا ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ
ආදම්ගේ දරුවනි! සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ අලංකාරය පවත්වා ගනු. තවද නුඹලා අනුභව කරනු. පානය කරනු. නමුත් නුඹලා නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්ති කරන්නන් ප්‍රිය කරන්නේ නැත.
قُلْ مَنْ حَرَّمَ زِينَةَ اللَّهِ الَّتِي أَخْرَجَ لِعِبَادِهِ وَالطَّيِّبَاتِ مِنَ الرِّزْقِ ۚ قُلْ هِيَ لِلَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا خَالِصَةً يَوْمَ الْقِيَامَةِ ۗ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ
තම ගැත්තන්හට හෙළි කළ අල්ලාහ්ගේ අලංකාරය හා පෝෂණසම්පත් වලින් වූ යහපත් දෑ තහනම් කර ගන්නා කවරෙකු දැයි (නබිවරය!) නුඹ විමසනු. මෙය මෙලොව ජීවිතයේ මෙන්ම විශේෂයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී දේවත්වය විශ්වාස කළවුනට සතු වූවකි. දැනුම ඇති පිරිසට මෙම සංඥාවන් අපි පැහැදිලි කරනුයේ එලෙසය.
قُلْ إِنَّمَا حَرَّمَ رَبِّيَ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَالْإِثْمَ وَالْبَغْيَ بِغَيْرِ الْحَقِّ وَأَنْ تُشْرِكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَأَنْ تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
"මාගේ පරමාධිපති තහනම් කර ඇත්තේ අශීලාචාර දෑ මෙන්ම ඉන් මතුපිටින් ඇති දෑ ද අභ්‍යන්තරව ඇති දෑ ද පාපය ද යුක්තියකින් තොර ව සීමාව ඉක්මවීම ද අල්ලාහ් කිසිදු සාධකයක් පහළ නොකළ දෙයකින් නුඹලා ඔහුට ආදේශ තැබීම ද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පැවසීම ද වේ" යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَلِكُلِّ أُمَّةٍ أَجَلٌ ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ
සෑම සමූහයකටම නිශ්චිත කාලයක් ඇත. ඔවුන්ගේ නිශ්චිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නොවනු ඇත. එමෙන්ම ඔවුන් ඉක්මන් වන්නේ ද නැත.
يَا بَنِي آدَمَ إِمَّا يَأْتِيَنَّكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي ۙ فَمَنِ اتَّقَىٰ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
අහෝ ආදම්ගේ දරුවනි! මාගේ වදන් නුඹලාට පවසන නුඹලා අතරින් වූ ධර්ම දූතවරු නුඹලා වෙත පැමිණියේ නම් එවිට කවරෙකු දේව බිය හැඟීමෙන් කටයුතු කොට තමන් ව හැඩගස්වා ගත්තේ ද එවිට ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් නොවෙති.

Choose other languages: