Surah Al-Araf Ayahs #38 Translated in Sinhalese
وَلِكُلِّ أُمَّةٍ أَجَلٌ ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ
සෑම සමූහයකටම නිශ්චිත කාලයක් ඇත. ඔවුන්ගේ නිශ්චිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නොවනු ඇත. එමෙන්ම ඔවුන් ඉක්මන් වන්නේ ද නැත.
يَا بَنِي آدَمَ إِمَّا يَأْتِيَنَّكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي ۙ فَمَنِ اتَّقَىٰ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
අහෝ ආදම්ගේ දරුවනි! මාගේ වදන් නුඹලාට පවසන නුඹලා අතරින් වූ ධර්ම දූතවරු නුඹලා වෙත පැමිණියේ නම් එවිට කවරෙකු දේව බිය හැඟීමෙන් කටයුතු කොට තමන් ව හැඩගස්වා ගත්තේ ද එවිට ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් නොවෙති.
وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَاسْتَكْبَرُوا عَنْهَا أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
තවද, කවරෙකු අපගේ වදන් බොරු කොට ඒ පිළිබඳ (විශ්වාස කිරීම ගැන) උඩඟු වන්නේද ඔවුහු නිරා ගින්නේ සගයෝය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۚ أُولَٰئِكَ يَنَالُهُمْ نَصِيبُهُمْ مِنَ الْكِتَابِ ۖ حَتَّىٰ إِذَا جَاءَتْهُمْ رُسُلُنَا يَتَوَفَّوْنَهُمْ قَالُوا أَيْنَ مَا كُنْتُمْ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ ۖ قَالُوا ضَلُّوا عَنَّا وَشَهِدُوا عَلَىٰ أَنْفُسِهِمْ أَنَّهُمْ كَانُوا كَافِرِينَ
එහෙයින් අල්ලාහ් මත බොරු ගොතන්නාට හෝ ඔහුගේ වදන් බොරු කළ වුනට වඩා මහා අපරාධකරු කවරෙකු ද? ඔවුනට නියම කර ලියන ලද ඔවුන්ගේ කොටස ඔවුන් ලබනු ඇත. අවසානයේ ඔවුන් අත්පත් කර ගැනීම සඳහා අපගේ දූතවරු පැමිණි විට ‘අල්ලාහ්ගෙන් තොර ව නුඹලා අයැදිමින් සිටි දෑ කොහේදැයි (ඔවුන්ගෙන්) විමසති. (එවිට) ඔවුහු ඔවුන් අපෙන් මුළා වී ඇතැයි පවසති. තවද තමන් දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටී බවට ඔවුහු ඔවුන්ටම (එරෙහිව) සාක්ෂි දරති.
قَالَ ادْخُلُوا فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ مِنَ الْجِنِّ وَالْإِنْسِ فِي النَّارِ ۖ كُلَّمَا دَخَلَتْ أُمَّةٌ لَعَنَتْ أُخْتَهَا ۖ حَتَّىٰ إِذَا ادَّارَكُوا فِيهَا جَمِيعًا قَالَتْ أُخْرَاهُمْ لِأُولَاهُمْ رَبَّنَا هَٰؤُلَاءِ أَضَلُّونَا فَآتِهِمْ عَذَابًا ضِعْفًا مِنَ النَّارِ ۖ قَالَ لِكُلٍّ ضِعْفٌ وَلَٰكِنْ لَا تَعْلَمُونَ
ජින් වර්ගයා හා මිනිස් වර්ගයා අතරින් නුඹලාට පෙර ඉකුත් වී ගිය; නිරයේ වෙසෙන සමූහයන් අතරට නුඹලා ද පිවිසෙනු යැයි ඔහු පවසයි. සෑම සමූහයක්ම පිවිසෙන විට ඔවුහු තම සහෝදර සමූහයාට ශාප කරති. එකින් පසු එක ඔවුන් සියල්ලම එහි ළඟා වූ විට ඔවුන්ගෙන් පසු අය ඔවුන්ගෙන් මුල් අයට එරෙහි ව අපගේ පරමාධිපතියාණනි! අපව නොමඟ හැරියේ මොවුහුය. එබැවින් ඔවුනට නිරා ගින්නේ දෙගුණයක දඬුවමක් පිරිනමනු මැනව! යැයි පවසති. සෑම කෙනෙකුටම දෙගුණය(ක දඬුවම)ක් ඇත. එනමුත් නුඹලා එය නොදන්නෙහුය යැයි ඔහු පවසයි.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
