Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #31 Translated in Sinhalese

يَا بَنِي آدَمَ لَا يَفْتِنَنَّكُمُ الشَّيْطَانُ كَمَا أَخْرَجَ أَبَوَيْكُمْ مِنَ الْجَنَّةِ يَنْزِعُ عَنْهُمَا لِبَاسَهُمَا لِيُرِيَهُمَا سَوْآتِهِمَا ۗ إِنَّهُ يَرَاكُمْ هُوَ وَقَبِيلُهُ مِنْ حَيْثُ لَا تَرَوْنَهُمْ ۗ إِنَّا جَعَلْنَا الشَّيَاطِينَ أَوْلِيَاءَ لِلَّذِينَ لَا يُؤْمِنُونَ
ආදම්ගේ දරුවනි! නුඹලාගේ දෙමාපියන් ස්වර්ග උයනින් බැහැර කෙරෙව්වාක් මෙන් ෂෙයිතාන් නුඹලා ව අර්බුධයට පත් නොකළ යුතුය. ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට පෙන්වීම පිණිස ඔවුන් දෙදෙනාගේ වස්ත්‍ර ඔවුන් දෙදෙනාගෙන් ඔහු ගලවා දැමීය. නියත වශයෙන්ම නුඹලා ඔවුන් ව නොදකින පරිදි ඔහු හා ඔහුගේ කණ්ඩායම නුඹලා ව දකිනු ඇත. (සත්‍යය) විශ්වාස නොකරන්නන්හට හිත මිතුරන් ලෙස නියත වශයෙන්ම අපි ෂෙයිතානුන් පත් කළෙමු.
وَإِذَا فَعَلُوا فَاحِشَةً قَالُوا وَجَدْنَا عَلَيْهَا آبَاءَنَا وَاللَّهُ أَمَرَنَا بِهَا ۗ قُلْ إِنَّ اللَّهَ لَا يَأْمُرُ بِالْفَحْشَاءِ ۖ أَتَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
ඔවුන් යම් අශීලාචාර දෙයක් කළ විට ‘අපගේ මුතුන්මිත්තන් ඒ මත සිටිනු අපි දුටුවෙමු. තවද අල්ලාහ් ඒ ගැන අපට අණ කර ඇත’ යැයි පැවසුවෝය. නියත වශයෙන්ම අල්ලාහ් අශීලාචාර දෑ අණ නොකරන්නේය. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පවසන්නෙහු ද? යැයි (නබිවරය) නුඹ පවසනු.
قُلْ أَمَرَ رَبِّي بِالْقِسْطِ ۖ وَأَقِيمُوا وُجُوهَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ وَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ ۚ كَمَا بَدَأَكُمْ تَعُودُونَ
මාගේ පරමාධිපති යුක්තිය අණ කර ඇතැයි (නබිවරය!) නුඹ පවසනු. සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ මුහුණු ස්ථාපිත කරනු. තවද නුඹලා ඔහුට පමණක් දහම පුද කොට අවංකයින් ලෙසින් ඔහුව අයැදිනු. නුඹලා ව ඔහු උත්පාදනය කළාක් මෙන් නුඹලා නැවත (ඔහු වෙතම) හැරී යනු ඇත.
فَرِيقًا هَدَىٰ وَفَرِيقًا حَقَّ عَلَيْهِمُ الضَّلَالَةُ ۗ إِنَّهُمُ اتَّخَذُوا الشَّيَاطِينَ أَوْلِيَاءَ مِنْ دُونِ اللَّهِ وَيَحْسَبُونَ أَنَّهُمْ مُهْتَدُونَ
පිරිසකට ඔහු මඟ පෙන්වීය. තවත් පිරිසකට ඔවුන් කෙරෙහි මුළාව නියම විය. නියත වශයෙන්ම ඔවුහු අල්ලාහ්ගෙන් තොරව ෂෙයිතානුන් ව හිත මිතුරන් ලෙස ගත්තෝය. තවද සැබැවින්ම තමන් යහමඟ ලැබූවන් යැයි ඔවුහු සිතති.
يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُوا ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ
ආදම්ගේ දරුවනි! සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ අලංකාරය පවත්වා ගනු. තවද නුඹලා අනුභව කරනු. පානය කරනු. නමුත් නුඹලා නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්ති කරන්නන් ප්‍රිය කරන්නේ නැත.

Choose other languages: