Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #201 Translated in Sinhalese

وَالَّذِينَ تَدْعُونَ مِنْ دُونِهِ لَا يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلَا أَنْفُسَهُمْ يَنْصُرُونَ
තවද ඔහුගෙන් තොරව නුඹලා ඇරයුම් කරන්නන් වනාහි ඔවුහු නුඹලාට උදව් කිරීමට හැකියාව නොදරති. තවද ඔවුන් ඔවුන්ටම පවා උදව් කිරීමට නොහැකි වෙති.
وَإِنْ تَدْعُوهُمْ إِلَى الْهُدَىٰ لَا يَسْمَعُوا ۖ وَتَرَاهُمْ يَنْظُرُونَ إِلَيْكَ وَهُمْ لَا يُبْصِرُونَ
තවද යහ මඟ වෙත නුඹ ඔවුන් ඇරයුම් කරන්නෙහි නම් ඔවුහු (ඊට) සවන් නොදෙති. තවද ඔවුන් නුඹ වෙත බලා සිටිනාක් මෙන් නුඹ ඔවුන් දකිනු ඇත. (නමුත්) ඔවුහු නොබලති.
خُذِ الْعَفْوَ وَأْمُرْ بِالْعُرْفِ وَأَعْرِضْ عَنِ الْجَاهِلِينَ
(නබිවරය නුඹ) සමාව පිළිපදිනු. තවද යහපත අණ කරනු. තවද අඥානයින් නොසලකා හරිනු.
وَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ ۚ إِنَّهُ سَمِيعٌ عَلِيمٌ
ෂෙයිතාන්ගෙන් යම් බලපෑමක් නුඹට බලපෑම් කළ විට, නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.
إِنَّ الَّذِينَ اتَّقَوْا إِذَا مَسَّهُمْ طَائِفٌ مِنَ الشَّيْطَانِ تَذَكَّرُوا فَإِذَا هُمْ مُبْصِرُونَ
නියත වශයෙන්ම දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන් වනාහි ඔවුනට ෂෙයිතාන්ගෙන් යම් බලපෑමක් ස්පර්ශ වූ විට ඔවුහු (අල්ලාහ් ව) මෙනෙහි කරති. එවිට ඔවුහු අවදි වී බලන්නන් වෙති.

Choose other languages: