Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #200 Translated in Sinhalese

إِنَّ وَلِيِّيَ اللَّهُ الَّذِي نَزَّلَ الْكِتَابَ ۖ وَهُوَ يَتَوَلَّى الصَّالِحِينَ
නියත වශයෙන්ම මෙම දේව ග්‍රන්ථය පහළ කළ අල්ලාහ්ය මාගේ භාරකරු. තවද ඔහු දැහැමියන් භාර ගන්නාය.
وَالَّذِينَ تَدْعُونَ مِنْ دُونِهِ لَا يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلَا أَنْفُسَهُمْ يَنْصُرُونَ
තවද ඔහුගෙන් තොරව නුඹලා ඇරයුම් කරන්නන් වනාහි ඔවුහු නුඹලාට උදව් කිරීමට හැකියාව නොදරති. තවද ඔවුන් ඔවුන්ටම පවා උදව් කිරීමට නොහැකි වෙති.
وَإِنْ تَدْعُوهُمْ إِلَى الْهُدَىٰ لَا يَسْمَعُوا ۖ وَتَرَاهُمْ يَنْظُرُونَ إِلَيْكَ وَهُمْ لَا يُبْصِرُونَ
තවද යහ මඟ වෙත නුඹ ඔවුන් ඇරයුම් කරන්නෙහි නම් ඔවුහු (ඊට) සවන් නොදෙති. තවද ඔවුන් නුඹ වෙත බලා සිටිනාක් මෙන් නුඹ ඔවුන් දකිනු ඇත. (නමුත්) ඔවුහු නොබලති.
خُذِ الْعَفْوَ وَأْمُرْ بِالْعُرْفِ وَأَعْرِضْ عَنِ الْجَاهِلِينَ
(නබිවරය නුඹ) සමාව පිළිපදිනු. තවද යහපත අණ කරනු. තවද අඥානයින් නොසලකා හරිනු.
وَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ ۚ إِنَّهُ سَمِيعٌ عَلِيمٌ
ෂෙයිතාන්ගෙන් යම් බලපෑමක් නුඹට බලපෑම් කළ විට, නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.

Choose other languages: