Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #182 Translated in Sinhalese

مَنْ يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِي ۖ وَمَنْ يُضْلِلْ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
අල්ලාහ් කවරෙකු යහ මඟ යොමු කරන්නේ ද එවිට ඔහු යහ මඟ ලැබූවෙකි. තවද කවරෙකු ඔහු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔවුහුමය අලාභවන්තයෝ.
وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا ۚ أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ ۚ أُولَٰئِكَ هُمُ الْغَافِلُونَ
සැබැවින්ම අපි ජින් වර්ගයා හා මානව වර්ගයාගෙන් වැඩි දෙනෙකු නිරය සඳහා බිහි කර ඇත්තෙමු. ඔවුනට හදවත් ඇත. ඔවුහු එමගින් වටහා නොගනිති. තවද ඔවුනට ඇස් ඇත. ඔවුහු එමගින් නොබලති. තවද ඔවුනට කන් ඇත. ඔවුහු එමගින් සවන් නොදෙති. ඔවුහු (ඔටු, ගව, එළු වැනි) ගොවිපළ සතුන් මෙනි. නැත. ඊටත් වඩා නොමඟ ගියවුන්ය. නොසැලකිලිමත් ව සිටියවුන් ඔවුහුමය.
وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَىٰ فَادْعُوهُ بِهَا ۖ وَذَرُوا الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَائِهِ ۚ سَيُجْزَوْنَ مَا كَانُوا يَعْمَلُونَ
වඩාත් අලංකාර නාමයන් අල්ලාහ්ට හිමිය. එහෙයින් නුඹලා ඒවා මගින් ඔහුට ඇරයුම් කරනු. තවද ඔහුගේ නාමයන්හි විකෘති කරන්නන් අතහැර දමනු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා ඔවුනට මතු ප්‍රතිඵල දෙනු ලබනු ඇත.
وَمِمَّنْ خَلَقْنَا أُمَّةٌ يَهْدُونَ بِالْحَقِّ وَبِهِ يَعْدِلُونَ
තවද අප මැවූ අය අතරින් සත්‍යය මගින් මඟ පෙන්වන, තවද එමගින් යුක්තිය ඉටු කරන සමූහයක් ද විය.
وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ
අපගේ සාධක බොරු කළවුන් වනාහි ඔවුන් නොහඳුනන පරිදි අපි පියවරින් පියවර, ඔවුන් මතුවට හසු කර ගන්නෙමු.

Choose other languages: