Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #178 Translated in Sinhalese

وَكَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ وَلَعَلَّهُمْ يَرْجِعُونَ
තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස එම සාධක අප විස්තර කරනුයේ එලෙසය.
وَاتْلُ عَلَيْهِمْ نَبَأَ الَّذِي آتَيْنَاهُ آيَاتِنَا فَانْسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ الشَّيْطَانُ فَكَانَ مِنَ الْغَاوِينَ
අප අපගේ සාධක පිරිනැමූ අයකුගේ පුවත නුඹ ඔවුන් වෙත කියවා පෙන්වනු. නමුත් ඔහු එයින් ගැල වී ගියේය. එවිට ෂෙයිතාන් ඔහු පසු පස හඹා ගියේය. එහෙයින් ඔහු නොමඟ ගියවුන් අතරින් විය.
وَلَوْ شِئْنَا لَرَفَعْنَاهُ بِهَا وَلَٰكِنَّهُ أَخْلَدَ إِلَى الْأَرْضِ وَاتَّبَعَ هَوَاهُ ۚ فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ إِنْ تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَثْ ۚ ذَٰلِكَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ فَاقْصُصِ الْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ
අපි අභිමත කළේ නම් එමගින් අප ඔහු උසස් කරවා තිබෙන්නට තිබුණි. එනමුත් ඔහු මහපොළොවට ඇලී ගැලී ගියේය. තවද ඔහුගේ මනෝ ආශාවන් පිළිපැද්දේය. ඔහුගේ උපමාව සුනඛයාගේ උපමාව මෙනි. නුඹ පළවා හැරිය ද ඌ දිව එල්ලා ගෙන සිටියි. නුඹ (පහර නොදී) ඌ අත හැර දැමුව ද ඌ දිව එල්ලා ගෙන සිටියි. අපගේ සාධක බොරු කළ ජනයාට උපමාව මෙයයි. එබැවින් ඔවුන් වටහා ගත හැකි වනු පිණිස මෙම කතා වස්තුව ඔවුනට නුඹ පවසනු.
سَاءَ مَثَلًا الْقَوْمُ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَأَنْفُسَهُمْ كَانُوا يَظْلِمُونَ
අපගේ සාධක බොරු කොට තමන්ටම ආසාධාරණකම් කරමින් සිටි පිරිස ආදර්ශයෙන් නපුරු විය.
مَنْ يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِي ۖ وَمَنْ يُضْلِلْ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
අල්ලාහ් කවරෙකු යහ මඟ යොමු කරන්නේ ද එවිට ඔහු යහ මඟ ලැබූවෙකි. තවද කවරෙකු ඔහු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔවුහුමය අලාභවන්තයෝ.

Choose other languages: