Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #175 Translated in Sinhalese

وَإِذْ نَتَقْنَا الْجَبَلَ فَوْقَهُمْ كَأَنَّهُ ظُلَّةٌ وَظَنُّوا أَنَّهُ وَاقِعٌ بِهِمْ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ
තවද ඔවුනට ඉහළින් වළාකුලක් මෙන් කන්ද ඔසවා තැබූ අවස්ථාව සිහිපත් කරනු. සැබැවින්ම එය ඔවුන් මත වැටෙනු ඇතැයි ඔවුහු සිතූහ. නුඹලා බිය හැඟීමෙන් යුතුෙව කටයුතු කළ හැකි වනු පිණිස නුඹලාට අපි පිරිනැමූ දෑ නුඹලා බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තවද එහි ඇති දෑ නුඹලා මෙනෙහි කරනු.
وَإِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِي آدَمَ مِنْ ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَىٰ أَنْفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ ۖ قَالُوا بَلَىٰ ۛ شَهِدْنَا ۛ أَنْ تَقُولُوا يَوْمَ الْقِيَامَةِ إِنَّا كُنَّا عَنْ هَٰذَا غَافِلِينَ
තවද නුඹගේ පරමාධිපති ආදම්ගේ දරුවන්ගෙන් ඔවුන්ගේ කොදුවලින් ඔවුන්ගේ පරපුර ගෙන ඔවුනට එරෙහි ව ඔවුන්ම සාක්ෂි දැරීමට පත් කොට නුඹලාගේ පරමාධිපති මා නොවේ දැයි විමසූ සිහිපත් කරනු. එසේය අපි සාක්ෂි දරමු යැයි ඔවුහු පැවසුවෝය. (එසේ ප්‍රතිඥාවක් ගනු ලැබුවේ) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ‘නියත වශයෙන්ම අපි මේ ගැන අනවධානීන් ලෙස සිටියෙමු යැයි නුඹලා නොපවසනු පිණිසය.
أَوْ تَقُولُوا إِنَّمَا أَشْرَكَ آبَاؤُنَا مِنْ قَبْلُ وَكُنَّا ذُرِّيَّةً مِنْ بَعْدِهِمْ ۖ أَفَتُهْلِكُنَا بِمَا فَعَلَ الْمُبْطِلُونَ
නැතහොත් නියත වශයෙන්ම ආදේශ කළ අය වනුයේ මීට පෙර සිටි අපගේ මුතුන් මිත්තන්ය. තවද අපි ඔවුන්ගෙන් පසු වූ පරපුරක් වෙමු. අවැඩ කරන්නෝ සිදු කළ දෑ හේතුවෙන් නුඹ අපව විනාශ කරන්නෙහිදැයි නුඹලා නොපවසනු පිණිසය.
وَكَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ وَلَعَلَّهُمْ يَرْجِعُونَ
තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස එම සාධක අප විස්තර කරනුයේ එලෙසය.
وَاتْلُ عَلَيْهِمْ نَبَأَ الَّذِي آتَيْنَاهُ آيَاتِنَا فَانْسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ الشَّيْطَانُ فَكَانَ مِنَ الْغَاوِينَ
අප අපගේ සාධක පිරිනැමූ අයකුගේ පුවත නුඹ ඔවුන් වෙත කියවා පෙන්වනු. නමුත් ඔහු එයින් ගැල වී ගියේය. එවිට ෂෙයිතාන් ඔහු පසු පස හඹා ගියේය. එහෙයින් ඔහු නොමඟ ගියවුන් අතරින් විය.

Choose other languages: