Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #125 Translated in Sinhalese

قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ
සකල ලෝකයන්හි පරමාධිපති ව අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝය.
رَبِّ مُوسَىٰ وَهَارُونَ
(ඔහු) මූසාගේ හා හාරූන්ගේ පරමාධිපතිය.
قَالَ فِرْعَوْنُ آمَنْتُمْ بِهِ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّ هَٰذَا لَمَكْرٌ مَكَرْتُمُوهُ فِي الْمَدِينَةِ لِتُخْرِجُوا مِنْهَا أَهْلَهَا ۖ فَسَوْفَ تَعْلَمُونَ
‘මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව විශ්වාස කළෙහුය. නියත වශයෙන්ම මෙය කුමන්ත්‍රණයකි. එහි සිටින නගර වැසියන් එයින් නුඹලා පිටුවහල් කරනු පිණිස නුඹලා එහි එය සැලසුම් කළෙහුය. එහෙයින් නුඹලා (මෙහි විපාකය) මතු දැන ගනු ඇතැ’යි ෆිර්අවුන් පැවැසුවේය.
لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُمْ مِنْ خِلَافٍ ثُمَّ لَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ
නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට කපා හරිමි. පසු ව නුඹලා සියල්ලන් ව කුරුසයේ එල්ලන්නෙමි.
قَالُوا إِنَّا إِلَىٰ رَبِّنَا مُنْقَلِبُونَ
‘නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති වෙත හැරෙන්නෝ වෙමු’ යැයි ඔවුහු පැවසුවෝය.

Choose other languages: