Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #123 Translated in Sinhalese

فَغُلِبُوا هُنَالِكَ وَانْقَلَبُوا صَاغِرِينَ
එවිට එහි ඔවුන් පරාජයට පත් කරන ලදී. තවද ඔවුහු අවමානයට ලක් වූවන් බවට පෙරළුණෝය.
وَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ
තවද හූනියම්කරුවන් සිරස නමන්නන් ලෙස බිම ඇද දමන ලදී.
قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ
සකල ලෝකයන්හි පරමාධිපති ව අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝය.
رَبِّ مُوسَىٰ وَهَارُونَ
(ඔහු) මූසාගේ හා හාරූන්ගේ පරමාධිපතිය.
قَالَ فِرْعَوْنُ آمَنْتُمْ بِهِ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّ هَٰذَا لَمَكْرٌ مَكَرْتُمُوهُ فِي الْمَدِينَةِ لِتُخْرِجُوا مِنْهَا أَهْلَهَا ۖ فَسَوْفَ تَعْلَمُونَ
‘මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව විශ්වාස කළෙහුය. නියත වශයෙන්ම මෙය කුමන්ත්‍රණයකි. එහි සිටින නගර වැසියන් එයින් නුඹලා පිටුවහල් කරනු පිණිස නුඹලා එහි එය සැලසුම් කළෙහුය. එහෙයින් නුඹලා (මෙහි විපාකය) මතු දැන ගනු ඇතැ’යි ෆිර්අවුන් පැවැසුවේය.

Choose other languages: