Quran Apps in many lanuages:

Surah Al-Ankabut Ayahs #51 Translated in Sinhalese

وَكَذَٰلِكَ أَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ ۚ فَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يُؤْمِنُونَ بِهِ ۖ وَمِنْ هَٰؤُلَاءِ مَنْ يُؤْمِنُ بِهِ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الْكَافِرُونَ
තවද එලෙස අපි ඔබ වෙතට ද ධර්ම ග්‍රන්ථය පහළ කළෙමු. (මීට පෙර) අපි ධර්ම ග්‍රන්ථය පිරිනැමූ අය එය විශ්වාස කරති. තවද (මක්කාවාසීන් වන) මොවුන් අතුරින් ද එය විශ්වාස කරන්නන් වෙති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මිස වෙනත් කිසිවකුත් අපගේ වදන් හෙළා නොදකිති.
وَمَا كُنْتَ تَتْلُو مِنْ قَبْلِهِ مِنْ كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ ۖ إِذًا لَارْتَابَ الْمُبْطِلُونَ
තවද මීට පෙර කිසිදු ධර්ම ග්‍රන්ථයක් ඔබ පාරායනය කරමින් නොසිටියෙහිය. ඔබේ දකුණතින් එය ඔබ නොලිව්වෙහිය. එසේ වී නම් අසත්යයේ නිරත ව සිටින්නන් සැක පහළ කරන්නෝමය.
بَلْ هُوَ آيَاتٌ بَيِّنَاتٌ فِي صُدُورِ الَّذِينَ أُوتُوا الْعِلْمَ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الظَّالِمُونَ
නමුත් මෙය ඥානය දෙනු ලැබූවන්ගේ සිත් තුළ පැවැති පැහැදිලි සංඥාවන්ය. තවද අපරාධකරුවෝ මිස වෙනත් කිසිවෙකු අපගේ වදන් හෙළා නොදකිති.
وَقَالُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَاتٌ مِنْ رَبِّهِ ۖ قُلْ إِنَّمَا الْآيَاتُ عِنْدَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ
තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවන් (පෙර රසූල්වරුන්ට පහළ වූවාක් මෙන්) ඔහු වෙත පහළ කරනු ලැබ තිබිය යුතු නොවේදැ?යි ඔවුහු විමසුවෝය. (අහෝ නබිවරය!) ‘නියත වශයෙන්ම එම සංඥා අල්ලාහ් වෙතිනි. තවද නියත වශයෙන්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි’ යැයි නුඹ පවසනු.
أَوَلَمْ يَكْفِهِمْ أَنَّا أَنْزَلْنَا عَلَيْكَ الْكِتَابَ يُتْلَىٰ عَلَيْهِمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَرَحْمَةً وَذِكْرَىٰ لِقَوْمٍ يُؤْمِنُونَ
නියත වශයෙන්ම ඔවුන් වෙත පාරායනය කරනු ලබන මෙම ධර්ම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කර තිබීම ඔවුනට ප්‍රමාණවත් (සාධකයක්) නොවේ ද? නියත වශයෙන්ම එහි දෙවියන් දේවත්වය කරන ජනයාට ආශිර්වාදයක් හා මෙනෙහි කිරීමක් ඇත.

Choose other languages: