Quran Apps in many lanuages:

Surah Al-Anfal Ayahs #65 Translated in Sinhalese

وَإِنْ جَنَحُوا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ
තවද ඔවුන් සමාදානය වෙත නැඹුරු වූයේ නම් එවිට නුඹ ද ඒ වෙත නැඹුරු වනු. තවද අල්ලාහ් වෙත (සියල්ල) භාර කරනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.
وَإِنْ يُرِيدُوا أَنْ يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ اللَّهُ ۚ هُوَ الَّذِي أَيَّدَكَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِينَ
තවද නුඹට ද්‍රෝහිකම් කිරීමට ඔවුන් සිතන්නේ නම් එවිට (දැන ගනු) නියත වශයෙන්ම අල්ලාහ් නුඹට ප්‍රමාණවත්ය. ඔහුගේ උපකාරය හා දේවත්වය විශ්වාස කරන්නන් මඟින් නුඹ ව ස්ථාවර කළේ ඔහුය.
وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ ۚ لَوْ أَنْفَقْتَ مَا فِي الْأَرْضِ جَمِيعًا مَا أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَٰكِنَّ اللَّهَ أَلَّفَ بَيْنَهُمْ ۚ إِنَّهُ عَزِيزٌ حَكِيمٌ
ඔවුන්ගේ හදවත් අතර ඔහු සෙනෙහස ගොඩ නැගුවේය. මහපොළොවේ ඇති සියලු දෑ නුඹ වියදම් කළ ද ඔවුන්ගේ හදවත් අතර සෙනෙහස ගොඩ නැගීමට නුඹට නොහැකිය. එනමුත් අල්ලාහ් ඔවුන් අතර සෙනෙහස ගොඩ නැගුවේය. නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරීය; සියුම් ඥානීය.
يَا أَيُّهَا النَّبِيُّ حَسْبُكَ اللَّهُ وَمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ
අහෝ නබිවරය! නුඹට හා දේවත්වය විශ්වාස කරන්නන් අතරින් නුඹ ව අනුගමනය කළවුන්හට අල්ලාහ් ප්‍රමාණවත්ය.
يَا أَيُّهَا النَّبِيُّ حَرِّضِ الْمُؤْمِنِينَ عَلَى الْقِتَالِ ۚ إِنْ يَكُنْ مِنْكُمْ عِشْرُونَ صَابِرُونَ يَغْلِبُوا مِائَتَيْنِ ۚ وَإِنْ يَكُنْ مِنْكُمْ مِائَةٌ يَغْلِبُوا أَلْفًا مِنَ الَّذِينَ كَفَرُوا بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ
අහෝ නබිවරය! දේවත්වය විශ්වාස කරන්නන් යුද්ධය සඳහා දිරි ගන්වනු. නුඹලා අතරින් ඉවසිලිවන්ත විසි දෙනෙකු සිටින්නේ නම් ඔවුහු ඔවුන්ගෙන් දෙසිය දෙනකු අබිබවා යනු ඇත. නුඹලා අතරින් සිය දෙනෙකු සිටින්නේ නම් ඔවුහු දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් අතරින් දහසක් දෙනා අබිබවා යනු ඇත. හේතුව සැබැවින්ම ඔවුන් වටහා නොගන්නා පිරිසක් වූ බැවිනි.

Choose other languages: