Surah Al-Anfal Ayahs #67 Translated in Sinhalese
وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ ۚ لَوْ أَنْفَقْتَ مَا فِي الْأَرْضِ جَمِيعًا مَا أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَٰكِنَّ اللَّهَ أَلَّفَ بَيْنَهُمْ ۚ إِنَّهُ عَزِيزٌ حَكِيمٌ
ඔවුන්ගේ හදවත් අතර ඔහු සෙනෙහස ගොඩ නැගුවේය. මහපොළොවේ ඇති සියලු දෑ නුඹ වියදම් කළ ද ඔවුන්ගේ හදවත් අතර සෙනෙහස ගොඩ නැගීමට නුඹට නොහැකිය. එනමුත් අල්ලාහ් ඔවුන් අතර සෙනෙහස ගොඩ නැගුවේය. නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරීය; සියුම් ඥානීය.
يَا أَيُّهَا النَّبِيُّ حَسْبُكَ اللَّهُ وَمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ
අහෝ නබිවරය! නුඹට හා දේවත්වය විශ්වාස කරන්නන් අතරින් නුඹ ව අනුගමනය කළවුන්හට අල්ලාහ් ප්‍රමාණවත්ය.
يَا أَيُّهَا النَّبِيُّ حَرِّضِ الْمُؤْمِنِينَ عَلَى الْقِتَالِ ۚ إِنْ يَكُنْ مِنْكُمْ عِشْرُونَ صَابِرُونَ يَغْلِبُوا مِائَتَيْنِ ۚ وَإِنْ يَكُنْ مِنْكُمْ مِائَةٌ يَغْلِبُوا أَلْفًا مِنَ الَّذِينَ كَفَرُوا بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ
අහෝ නබිවරය! දේවත්වය විශ්වාස කරන්නන් යුද්ධය සඳහා දිරි ගන්වනු. නුඹලා අතරින් ඉවසිලිවන්ත විසි දෙනෙකු සිටින්නේ නම් ඔවුහු ඔවුන්ගෙන් දෙසිය දෙනකු අබිබවා යනු ඇත. නුඹලා අතරින් සිය දෙනෙකු සිටින්නේ නම් ඔවුහු දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් අතරින් දහසක් දෙනා අබිබවා යනු ඇත. හේතුව සැබැවින්ම ඔවුන් වටහා නොගන්නා පිරිසක් වූ බැවිනි.
الْآنَ خَفَّفَ اللَّهُ عَنْكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا ۚ فَإِنْ يَكُنْ مِنْكُمْ مِائَةٌ صَابِرَةٌ يَغْلِبُوا مِائَتَيْنِ ۚ وَإِنْ يَكُنْ مِنْكُمْ أَلْفٌ يَغْلِبُوا أَلْفَيْنِ بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِينَ
දැන් අල්ලාහ් නුඹලාට (දුන් සහනය) හීන කළේය. තවද නුඹලා තුළ දුර්වලකම් ඇති බව ඔහු දැන සිටියේය. එහෙයින් නුඹලා අතරින් ඉවසිලිවන්ත සිය දෙනකු වන්නේ නම් ඔවුහු (ඔවුන්ගෙන්) දෙසිය දෙනකු අබිබවා යනු ඇත. තවද නුඹලා අතරින් දහසක් දෙනා වන්නේ නම් අල්ලාහ්ගේ අනුහසින් දෙදහසක් දෙනා ඔවුහු අබිබවා යනු ඇත. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය.
مَا كَانَ لِنَبِيٍّ أَنْ يَكُونَ لَهُ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِي الْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ الدُّنْيَا وَاللَّهُ يُرِيدُ الْآخِرَةَ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
මිහිතලයේ සතුරන් මර්දනය කරන තුරු යුද සිරකරුවන් තබා ගැනීම කිසිදු නබිවරයකුට (සුදුසු) නොවීය. නුඹලා මෙලොව සම්පත් අපේක්ෂා කරන්නෙහුය. අල්ලාහ් මතු ලොව අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව බලධාරීය; සියුම් ඥානීය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
