Quran Apps in many lanuages:

Surah Al-Anfal Ayahs #61 Translated in Sinhalese

فَإِمَّا تَثْقَفَنَّهُمْ فِي الْحَرْبِ فَشَرِّدْ بِهِمْ مَنْ خَلْفَهُمْ لَعَلَّهُمْ يَذَّكَّرُونَ
එහෙයින් යුද බිමෙහි නුඹ ඔවුන් හමු වන්නෙහි නම් ඔවුන්ගේ පසුපසින් සිටින්නවුන් ඔවුන් ගෙන් විසිර යන්නට සලස්වනු. ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස.
وَإِمَّا تَخَافَنَّ مِنْ قَوْمٍ خِيَانَةً فَانْبِذْ إِلَيْهِمْ عَلَىٰ سَوَاءٍ ۚ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْخَائِنِينَ
(නබිවරය) යම් පිරිසකගෙන් වංචාවක් සිදු වනු ඇතැයි නුඹ බිය වෙතොත් ඊට සමාන අයුරින් (එම ගිවිසුම) ඔවුන් වෙත විසිකර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් වංචා කරන්නන් ප්‍රිය නොකරයි.
وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا سَبَقُوا ۚ إِنَّهُمْ لَا يُعْجِزُونَ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් තමන් ජය ලැබූ බව සැබැවින්ම නොසිතිය යුතුය. නියත වශයෙන්ම ඔවුන් (අප) පරාජය කිරීමට නොහැකි වෙති.
وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَمِنْ رِبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّكُمْ وَآخَرِينَ مِنْ دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللَّهُ يَعْلَمُهُمْ ۚ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فِي سَبِيلِ اللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ
(ආයුධ) බලයෙන් හා අශ්ව සේනාවන්ගෙන් නුඹලාට හැකි පමණින් ඔවුනට එරෙහි ව නුඹලා සූදානම් වනු. අල්ලාහ්ගේ සතුරන් ද නුඹලාගේ සතුරන් ද ඔවුනට අමතර ව ඔවුන් ගැන නුඹලා නොදන්නා නමුත් අල්ලාහ් ඔවුන් ගැන දන්නා වෙනත් අය ද නුඹලා එමගින් බිය වද්දනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා කවර කරුණක් වියදම් කරන්නේ ද නුඹලා වෙත එය පූර්ණ ව දෙනු ලැබේ. නුඹලා අසාධාරණකම් කරනු නොලබනු ඇත.
وَإِنْ جَنَحُوا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ
තවද ඔවුන් සමාදානය වෙත නැඹුරු වූයේ නම් එවිට නුඹ ද ඒ වෙත නැඹුරු වනු. තවද අල්ලාහ් වෙත (සියල්ල) භාර කරනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.

Choose other languages: