Quran Apps in many lanuages:

Surah Al-Anfal Ayahs #55 Translated in Sinhalese

ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِلْعَبِيدِ
මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් හට අසාධාරණකම් කරන්නෙකු නොවේ.
كَدَأْبِ آلِ فِرْعَوْنَ ۙ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَفَرُوا بِآيَاتِ اللَّهِ فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ ۗ إِنَّ اللَّهَ قَوِيٌّ شَدِيدُ الْعِقَابِ
(අප දඬුවම් කිරීමේ දී) ෆිර්අවුන්ගේ සේනාවේ හා ඔවුනට පෙර සිටි අයගේ තත්ත්වය මෙනි. ඔවුහු අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළෝය. එබැවින් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. නියත වශයෙන්ම අල්ලාහ් අති බලවත්ය; දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
ذَٰلِكَ بِأَنَّ اللَّهَ لَمْ يَكُ مُغَيِّرًا نِعْمَةً أَنْعَمَهَا عَلَىٰ قَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ ۙ وَأَنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
එය කිසිදු සමූහයක් තමන් සතු ව ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් ඔවුනට පිරිනැමූ දායාදය සැබැවින්ම අල්ලාහ් වෙනස් කරන්නෙකු නොවූ බැවිනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
كَدَأْبِ آلِ فِرْعَوْنَ ۙ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَذَّبُوا بِآيَاتِ رَبِّهِمْ فَأَهْلَكْنَاهُمْ بِذُنُوبِهِمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ ۚ وَكُلٌّ كَانُوا ظَالِمِينَ
එය ෆිර්අවුන්ගේ සේනාව හා ඔවුනට පෙර සිටි අයගේ තත්ත්වය මෙනි. ඔවුහු තම පරමාධිපතිගේ වදන් බොරු කළෝය. එහෙයින් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඔවුන් ව අපි විනාශ කළෙමු. තවද අපි ෆිර්අවුන්ගේ සේනාව හා අපරාධකරුවන් ලෙස සිටි සියලු දෙනා දියේ ගිල්වූයෙමු.
إِنَّ شَرَّ الدَّوَابِّ عِنْدَ اللَّهِ الَّذِينَ كَفَرُوا فَهُمْ لَا يُؤْمِنُونَ
අල්ලාහ් අබියස නියත වශයෙන්ම ප්‍රාණීන් අතරින් වඩාත් නපුරු අය වන්නේ දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ය. මන්ද ඔවුහු විශ්වාස නොකරති.

Choose other languages: