Quran Apps in many lanuages:

Surah Al-Anfal Ayahs #52 Translated in Sinhalese

وَإِذْ زَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ الْيَوْمَ مِنَ النَّاسِ وَإِنِّي جَارٌ لَكُمْ ۖ فَلَمَّا تَرَاءَتِ الْفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيْهِ وَقَالَ إِنِّي بَرِيءٌ مِنْكُمْ إِنِّي أَرَىٰ مَا لَا تَرَوْنَ إِنِّي أَخَافُ اللَّهَ ۚ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ
ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට අලංකාර කර පෙන් වූ අවස්ථා වේ “අද දින ජනයා අතරින් නුඹලා අබිබවා යන කිසිවකු නොමැත. තවද සැබැවින්ම මම නුඹලාගේ අසල් වැසියකු වෙමි. නමුත් දෙපිරිස හමුවීම ඔහු දුටු කල්හි ඔහුගේ විලුඹ දෙක මත ඔහු හැරී ගොස් මම නුඹලාගෙන් නික්ම යමි. නුඹලා නොදකින දෑ සැබැවින්ම මම දකිමි. සැබැවින්ම මම අල්ලාහ්ට බිය වෙමි. තවද අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි යැ”යි ඔහු පැවසීය.
إِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ غَرَّ هَٰؤُلَاءِ دِينُهُمْ ۗ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَإِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
ඔවුන්ගේ දහම ඔවුන් මුළා කළේය යැයි කුහකයෝ හා තම හදවත් වල රෝග ඇත්තෝ පවසා සිටි අවස්ථා ව සිහිපත් කරනු. තවද කවරෙකු අල්ලාහ් වෙත භාර කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය; සියුම් ඥානීය.
وَلَوْ تَرَىٰ إِذْ يَتَوَفَّى الَّذِينَ كَفَرُوا ۙ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ وَذُوقُوا عَذَابَ الْحَرِيقِ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ව සුර දූතයන් විසින් අත්පත් කරගන්නා අවස්ථාව නුඹ දැකගන්නට තිබුනා නම්! ඔවුහු (එම දූතවරු) ඔවුන්ගේ මුහුණු වලට හා පිටවල් වලට පහර දෙති. නුඹලා දැවෙන වේදනාවේ දඬුවම භුක්ති විඳිනු (යැයි පවසති).
ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِلْعَبِيدِ
මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් හට අසාධාරණකම් කරන්නෙකු නොවේ.
كَدَأْبِ آلِ فِرْعَوْنَ ۙ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَفَرُوا بِآيَاتِ اللَّهِ فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ ۗ إِنَّ اللَّهَ قَوِيٌّ شَدِيدُ الْعِقَابِ
(අප දඬුවම් කිරීමේ දී) ෆිර්අවුන්ගේ සේනාවේ හා ඔවුනට පෙර සිටි අයගේ තත්ත්වය මෙනි. ඔවුහු අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළෝය. එබැවින් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. නියත වශයෙන්ම අල්ලාහ් අති බලවත්ය; දඬුවම් දීමෙහි ඉතා දැඩිය.

Choose other languages: