Quran Apps in many lanuages:

Surah Al-Anfal Ayahs #7 Translated in Sinhalese

8:3
الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
ඔවුහු වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් වියදම් කරති.
8:4
أُولَٰئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا ۚ لَهُمْ دَرَجَاتٌ عِنْدَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
සැබෑ දේව විශ්වාසීහු ඔවුහුමය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට තරාතිරම් ද සමාව ද ගෞරවාන්විත පෝෂණය ද ඇත.
8:5
كَمَا أَخْرَجَكَ رَبُّكَ مِنْ بَيْتِكَ بِالْحَقِّ وَإِنَّ فَرِيقًا مِنَ الْمُؤْمِنِينَ لَكَارِهُونَ
(නබිවරය) නුඹේ පරමාධිපති නුඹේ නිවසින් සත්‍යය සමඟ නුඹව පිට කළාක් මෙන් නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කළවුන් අතරින් පිරිසක් (නුඹ සමඟ පැමිණීමට) පිළිකුල් කරන්නෝ වෙති.
8:6
يُجَادِلُونَكَ فِي الْحَقِّ بَعْدَمَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى الْمَوْتِ وَهُمْ يَنْظُرُونَ
බලා සිටිය දී ම මරණය වෙත ඔවුන් ඇදගෙන යනු ලබන්නාක් මෙන් (යුද වැදීම අවශ්‍ය බව ඔවුනට) පැහැදිලි වූවායින් පසු ඔවුහු සත්‍යය සම්බන්ධයෙන් නුඹ සමඟ තර්ක කරති.
8:7
وَإِذْ يَعِدُكُمُ اللَّهُ إِحْدَى الطَّائِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ الشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ اللَّهُ أَنْ يُحِقَّ الْحَقَّ بِكَلِمَاتِهِ وَيَقْطَعَ دَابِرَ الْكَافِرِينَ
(සතුරු) කණ්ඩායම් දෙකින් එකකට සැබැවින්ම නුඹලාට එය (හිමි වනු) ඇතැයි අල්ලාහ් ප්‍රතිඥා දුන් අවස්ථාව සිහිපත් කරනු. තවද නියත වශයෙන්ම නිරායුධ තවලමක් එය නුඹලාට විය යුතු යැයි නුඹලා ප්‍රිය කරන්නෙහුය. අල්ලාහ් ඔහුගේ වදන් තුළින් සත්‍යය සැබෑ ලෙසින් ස්ථාපිත කිරීමටත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ මුදුන් මුල කපා හැරීමටත් අපේක්ෂා කරයි.

Choose other languages: