Quran Apps in many lanuages:

Surah Al-Anfal Ayahs #35 Translated in Sinhalese

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا قَالُوا قَدْ سَمِعْنَا لَوْ نَشَاءُ لَقُلْنَا مِثْلَ هَٰذَا ۙ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට ‘අපි සවන් දුනිමු. අපි සිතුවේ නම් මෙවැනිම දෙයක් අපි පවසන්නට තිබුණි. මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධයන් මිස (වෙන කිසිවක්) නැත යැයි ඔවුහු පැවසුවෝය.
وَإِذْ قَالُوا اللَّهُمَّ إِنْ كَانَ هَٰذَا هُوَ الْحَقَّ مِنْ عِنْدِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِنَ السَّمَاءِ أَوِ ائْتِنَا بِعَذَابٍ أَلِيمٍ
අහෝ අල්ලාහ්!, මෙය නුඹ වෙතින් වූ සත්‍යයක් නම් අප මත අහසින් ගල් වරුසාවක් වස්සවනු. නැතිනම් වේදනීය දඬුවමක් අප වෙත ගෙන එනු යැයි ඔවුහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
وَمَا كَانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنْتَ فِيهِمْ ۚ وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ
නුඹ ඔවුන් අතර සිටිය දී අල්ලාහ් ඔවුනට දඬුවම් කරන්නෙකු නොවීය. තවද ඔවුන් සමාව අයැදිමින් සිටියදී ඔවුනට දඬුවම් කරන්නෙකු වශයෙන් ද අල්ලාහ් නොවීය.
وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ اللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَمَا كَانُوا أَوْلِيَاءَهُ ۚ إِنْ أَوْلِيَاؤُهُ إِلَّا الْمُتَّقُونَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
අල්ලාහ් ඔවුනට දඬුවම් නොකළ යුත්තේ මන්ද? ඔවුහු මස්ජිදුල් හරාමය ඔවුනට අවහිර කරති. තවද ඔවුහු එහි භාරකරුවන් නොවෙති. එහි භාරකරුවන් වන්නේ දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් මිස වෙනත් කිසිවකු නොවේ. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
وَمَا كَانَ صَلَاتُهُمْ عِنْدَ الْبَيْتِ إِلَّا مُكَاءً وَتَصْدِيَةً ۚ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
මෙම ගෘහය අබියස උරුවන් බෑම හා අත්පුඩි ගැසීම හැර ඔවුන්ගේ නැමදුම නොවීය. එහෙයින් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු.

Choose other languages: