Quran Apps in many lanuages:

Surah Al-Anfal Ayahs #36 Translated in Sinhalese

وَإِذْ قَالُوا اللَّهُمَّ إِنْ كَانَ هَٰذَا هُوَ الْحَقَّ مِنْ عِنْدِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِنَ السَّمَاءِ أَوِ ائْتِنَا بِعَذَابٍ أَلِيمٍ
අහෝ අල්ලාහ්!, මෙය නුඹ වෙතින් වූ සත්‍යයක් නම් අප මත අහසින් ගල් වරුසාවක් වස්සවනු. නැතිනම් වේදනීය දඬුවමක් අප වෙත ගෙන එනු යැයි ඔවුහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
وَمَا كَانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنْتَ فِيهِمْ ۚ وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ
නුඹ ඔවුන් අතර සිටිය දී අල්ලාහ් ඔවුනට දඬුවම් කරන්නෙකු නොවීය. තවද ඔවුන් සමාව අයැදිමින් සිටියදී ඔවුනට දඬුවම් කරන්නෙකු වශයෙන් ද අල්ලාහ් නොවීය.
وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ اللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَمَا كَانُوا أَوْلِيَاءَهُ ۚ إِنْ أَوْلِيَاؤُهُ إِلَّا الْمُتَّقُونَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
අල්ලාහ් ඔවුනට දඬුවම් නොකළ යුත්තේ මන්ද? ඔවුහු මස්ජිදුල් හරාමය ඔවුනට අවහිර කරති. තවද ඔවුහු එහි භාරකරුවන් නොවෙති. එහි භාරකරුවන් වන්නේ දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් මිස වෙනත් කිසිවකු නොවේ. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
وَمَا كَانَ صَلَاتُهُمْ عِنْدَ الْبَيْتِ إِلَّا مُكَاءً وَتَصْدِيَةً ۚ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
මෙම ගෘහය අබියස උරුවන් බෑම හා අත්පුඩි ගැසීම හැර ඔවුන්ගේ නැමදුම නොවීය. එහෙයින් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු.
إِنَّ الَّذِينَ كَفَرُوا يُنْفِقُونَ أَمْوَالَهُمْ لِيَصُدُّوا عَنْ سَبِيلِ اللَّهِ ۚ فَسَيُنْفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةً ثُمَّ يُغْلَبُونَ ۗ وَالَّذِينَ كَفَرُوا إِلَىٰ جَهَنَّمَ يُحْشَرُونَ
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කරනු පිණිස තමන්ගේ ධනය වියදම් කරති. එබැවින් ඔවුන් මතුවටත් වියදම් කරනු ඇත. පසුව එය ඔවුනට තැවුලක් බවට පත් වේ. පසුව ඔවුන් අබිබවා යනු ලබනු ඇත. තවද ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත එක් රැස් කරනු ලබති.

Choose other languages: