Quran Apps in many lanuages:

Surah Al-Anfal Ayahs #30 Translated in Sinhalese

وَاذْكُرُوا إِذْ أَنْتُمْ قَلِيلٌ مُسْتَضْعَفُونَ فِي الْأَرْضِ تَخَافُونَ أَنْ يَتَخَطَّفَكُمُ النَّاسُ فَآوَاكُمْ وَأَيَّدَكُمْ بِنَصْرِهِ وَرَزَقَكُمْ مِنَ الطَّيِّبَاتِ لَعَلَّكُمْ تَشْكُرُونَ
නුඹලා පොළොවේ ස්වල්ප දෙනෙකු වශයෙන් දුබල ව සිටය දී ජනයා නුඹලාව ඩැහැ ගනු ඇතැයි නුඹලා බියෙන් සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට නුඹලා කෘතවේදී විය හැකිවනු පිණිස ඔහු නුඹලාට ඉඩ පහසුකම් සලසා ඔහුගේ උපකාරය තුළින් නුඹලාව ඔහු ශක්තිමත් කළේය. තවද යහපත් දැයින් නුඹලාට පෝෂණය කළේය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَخُونُوا اللَّهَ وَالرَّسُولَ وَتَخُونُوا أَمَانَاتِكُمْ وَأَنْتُمْ تَعْلَمُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දැනුවත්ව ම අල්ලාහ්ට හා ධර්ම දූතයාණන්ට වංචා නොකරනු. තවද නුඹලාට පවරන ලද දෑට ද වංචා නොකරනු.
وَاعْلَمُوا أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ وَأَنَّ اللَّهَ عِنْدَهُ أَجْرٌ عَظِيمٌ
නියත වශයෙන්ම නුඹලාගේ සම්පත් හා නුඹලාගේ දරුවන් (නුඹලාට) පරීක්ෂණයක් වේ යැයි ද නියත වශයෙන්ම අල්ලාහ්, ඔහු අබියස මහත් වූ ප්‍රතිඵල ඇතැයි ද නුඹලා දැන ගනු.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වන්නෙහු නම් ඔහු නුඹලාට (හොද හා නරක දෑ පිළිබඳ ව) පැහැදිලි බව ඇති කරයි. නුඹලාගේ නපුරුකම් නුඹලාගෙන් ඉවත් කර නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් අති මහත් වූ භාග්‍ය සම්පන්නය.
وَإِذْ يَمْكُرُ بِكَ الَّذِينَ كَفَرُوا لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ ۚ وَيَمْكُرُونَ وَيَمْكُرُ اللَّهُ ۖ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ
නුඹව සිරගත කිරීමට හෝ නුඹ ව මරා දැමීමට හෝ නුඹ ව පිටුවහල් කිරීමට හෝ දේව ප්‍රතික්ෂේප කළවුන් නුඹට කුමන්ත්‍රණ කළ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුහු කුමන්ත්‍රණ කරති. (එයට එරෙහිව) අල්ලාහ් ද කුමන්ත්‍රණ කරයි. කුමන්ත්‍රණ කරන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ්ය.

Choose other languages: