Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #85 Translated in Sinhalese

وَلِسُلَيْمَانَ الرِّيحَ عَاصِفَةً تَجْرِي بِأَمْرِهِ إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا ۚ وَكُنَّا بِكُلِّ شَيْءٍ عَالِمِينَ
තවද සුලෙයිමාන්ට සැඩ සුළඟද පිරිනැමුවෙමු. ඔහුගේ අණින් අපි සමෘද්ධිමත් කළ භූමිය වෙත එය ගමන් කරයි. තවදසියලු දෑ පිළිබඳ ව අපි දැනුමැත්තන් ලෙස සිටියෙමු.
وَمِنَ الشَّيَاطِينِ مَنْ يَغُوصُونَ لَهُ وَيَعْمَلُونَ عَمَلًا دُونَ ذَٰلِكَ ۖ وَكُنَّا لَهُمْ حَافِظِينَ
තවද ඔහු වෙනුවෙන් කිමිද යන්නන් හා ඒ හැර (ඔහුට) සේවය කරන්නන් ද ෂෙයිතානුන් අතරින් වූහ. තවද ඔවුනට ආරක්ෂාව සපයන්නන් ලෙස අපි සිටියෙමු.
وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ
තවද අය්යූබ්, නියත වශයෙන්ම පීඩාව මා වැලඳ ඇත. තවද නුඹ කරුණාවන්තයින් අතර මහා කරුණාන්විතයාණන් යැයි ඔහු ඔහුගේ පරමාධිපති ව ඇමතූ අවස්ථාව සිහිපත් කරනු.
فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِنْ ضُرٍّ ۖ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنْ عِنْدِنَا وَذِكْرَىٰ لِلْعَابِدِينَ
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. පසුව කවර පීඩාවක් ඔහුට වී ද එය අපි ඉවත් කළෙමු. තවද අපි ඔහුට ඔහුගේ පවුල ද ඔවුන් සමග වූ ඔවුන් හා සමාන අය ද අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙන් හා නැමදුම් කරන්නන්හට මෙනෙහි කිරීමක් වශයෙන් පිරිනැමුවෙමු.
وَإِسْمَاعِيلَ وَإِدْرِيسَ وَذَا الْكِفْلِ ۖ كُلٌّ مِنَ الصَّابِرِينَ
තවද ඉස්මාඊල්, ඉද්රීස් හා දුල් කිෆ්ල්, සියල්ලෝම ඉවසිලිවන්තයින් අතරින් වූහ.

Choose other languages: